IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආහාර විස වී ළමුන් 13ක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)

ආහාර විස විමක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත පාසල් ළමුන් 13 දෙනෙකු අද (10) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දික්ඔය ශ්‍රිවානි දමිල මහා විද්‍යාලයේ 4 සහ 5 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන අවු 9-10 වයස් කාණ්ඩවල පසුවන ළමුන් 13 දෙනෙකු මෙසේ ඇතුලත් කර ඇති බවත්, ඉන් ළමුන් 070 දෙනෙකු පිරිමි ළමුන් වන අතර ඉතිරි සියල්ල ගැහැණු ළමුන් බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ හේතුවෙන් එම ළමුන් රෝහල වෙත ඇතුලත් කල බවත්, එම ළමුන් පාසලෙන් දිවා ආහාරය ලබාගෙන පාසල් නිම වි නිවාස කරා ගිය පසු මෙම රෝග ලක්ෂණ මතු වි ඇති බවයි එම වෛද්‍යවරයා කියා සිටියේ.

රෝහල්ගත කල ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද එම වෛද්‍යවරයා පැවසිය.



අදහස් (2)

ආහාර විස වී ළමුන් 13ක් රෝහලේ

Bunny Preena Saturday, 11 January 2025 10:48 AM

පාසල් ළමුන්ට දිවා ආහාරය සපයන්නන්ට ඉදිරිපත් වන්න අයවලුන් සියලු දෙනාම බොහොම, සාධාරණ හිත පපුව උණු වෙන අය කියලා අපි හිතන්න හොද නැ..කිසිම මනුස්සකමක් නැති ඕන ජරාවක් කන්න දිලා සල්ලා යටි මඩි ගහන්න බලන් ඉන්න අයයි

:       0       3

kasun Saturday, 11 January 2025 12:10 PM

ඒක තමයි මම කිව්වේ... මේ ළමයින්ට කෑම හදන තැන් හරිම පිරිසිදුවට ආරක්ෂිතව කරන්න ඕනෑ. මීට පස්සේ ඒ වගේ ටෙන්ඩර් එකක් හරි, අනුමැතියක් හරි දෙනවා නම්... ඒ අයට ආහාර සුරක්ෂිතතාවය ගැන පිළිගත් ආයතනයකින් පාඨමාලාවක් හදාරපු සහතිකයක් අනිවාර්ය කරන්න. මේවා රටක දියුණුවට වැදගත් දේවල්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site