( පද්මසිරි ගාර්දියවසම් )    

සෙවනගල පොලිස් වසමට අයත් නුගේගලයාය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසි නවදෙනෙකු ආහාරය විස වීමෙන් සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි . 

රෝහලට ඇතුළත් කර ඇති පිරිස අතර සිසුන් 26 දෙනෙකු සහ සිසුවියන් 03 දෙනෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

 රාත්‍රි ආහාරයට ගත් බැදපු මාලු වර්ගයක් විසවන්නට ඇතැයි සැකකරන බව සූරියවැව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය .                               

සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය .