IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආහාර විස වී ඇගලුම් සේවක සේවිකාවන් 50ක් රෝහලේ

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ  ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ , කම්හල මගින් ලබා දුන් උදෑසන  ආහාර අනුභව කිරීමෙන් පසුව , අද (05) දින උදෑසන 09.00 පමණ සිට රෝගාතුර වීම නිසා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ .

මෙම සේවක සේවිකාවන් පිරිස මීගමුව මහ රෝහලේවල මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසු වේ.

ක්ලාන්තය , වමනය , පාචනය වැනි රෝග ලක්ෂණ මෙම රෝගී වූ සේවක සේවිකාවන් මගින් දිස් වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .

මේ පිළිබඳ කටුනායක පොලිසිය , මීගමුව රෝහල් පොලිසිය , සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



අදහස් (0)

ආහාර විස වී ඇගලුම් සේවක සේවිකාවන් 50ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site