
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය ලක්ෂපාන තේවතුයායේ කෝවිලක වාර්ෂික තේරු උත්සවයට පැමිණි හින්දු බැතිමතුන්ට ලබා දුන් දන්සලේ ආහාර විස වි 100 කට ආසන්න පිරිසක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.
මෙම පිරිස අතර කුඩා ළමයින් හා වතු කම්කරු කාන්තාවන් හා පිරිමින් පිරිසක් සිටිති.
ඊයේ (07) දන්සැලේ ආහාර අනුභව කිරීමෙන් අනතුරුව පිරිසකට එදින පස්වරු 06.00 ට පමණ වමනය හා ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසුව මෙම පිරිස මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
රෝහල් ගත කර පිරිසගෙන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.
40 කට ආසන්න පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරු පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd