(අංජුල මහික වීරරත්න)
ආහාර මත පනවා ඇති බද්ද ලබන මාසයේදී අඩුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රජයේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වී ඇතැයි කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් ජනාධිපතිවරයා රටට ආදායමක් එන ආයෝජන සිදු කිරීම සඳහා මේ වන විට රුපියල් බිලියන 300 ක් වෙන් කර තිබෙන බව සඳහන් කළ බවද අමරවීර මහතා කීය.
ආහාර මත පනවා තිබෙන බදු අඩු කිරීමට අමතරව විදුලි බිල අඩු කිරීම,ඉන්ධන මිල අඩු කිරීම වැනි සහනද ලබන මාසයේදී ජනතාවට ලබාදෙන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇත.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 300-280 අතර අගයක පවත්වාගෙන යාම තම ඉලක්කය බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා එසේ වුවහොත් බඩු මිල තවදුරටත් අඩුවන බව කීවෙි යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙට මෙහෙට දැනුම් දිදී ඉන්නේ වැඩේ කළා නම් ඉවරයිනේ...! බයිලා තමයි.
රනිල් හරි, ඩොලර් රේට් අඩු කරන්න ඔච්චර අමාරු නෑ. රට තවතව දුප්පත් කරන්න. මිනිස්සු හිඟන්නෝ වුණාම, බඩු ගන්න කවුරුත් නෑ. දේශීය ඉල්ලුම නැති වෙනකොට ඩොලර් ඉල්ලුමක් නෑ. මැලේසියාව වගේ රට දියුණු කරලා ඩොලර් උපද්දලා මහන්සි වෙන්න ඕනෑ නෑ. රනිල් ජනපති යන පාර දිගේ හැමෝම ඇස් පියාගෙන යමු. අන්තිමේ රට ගන්න කෙනාට අබසරණ වෙන ගානට දුප්පත් කරමු. උද්ධමනයත් බිංදුවටම බහිනවා. මෙතැන හැංගුණු ආර්ථික පිළිකාවක් තියෙනවා වගේ, අවකැපෙන කතා කියන්න එපා කවුරුවත්. කටක් අරින්නවත් එපා, කිසි ආර්ථික විද්‍යාඥයෙක්...
අනේ ජනපතිතුමෝ අසාධාරණ ආදායම් බද්ද අඩුකර දෙන්න. අනික උද්ධමනයට සාපේක්ෂව සාධාරණ පොලියක් ඉතුරුම්වලට දෙන්න.
පැට්‍රල් 180ට දුන්නත් අපිව මුලා කරන්න බැහැ. අපි මනාපේ ඔයාලාට දෙන්නේ නැහැ. අපි දන්නවා ඡන්දෙන් පස්සේ අපිට ඕවා පොලියත් එක්ක ගෙවන්න වෙනවා කියලා...!
ගල්ලෙන බිඳලා, ලෙන් දොර ඇරලා ...
එක පාරටම රජයේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වී ඇතැයි කියලා රනිල් කියනවා මම අහගෙන හිටියා යහපාලන කාලේත්, විශේෂයෙන්ම මැතිවරණයක් ළඟ එනකොට මේක මතුවෙනවා. දින්නාට පස්සේ කරගෙන යන්න අමාරු වෙනකොට ආපහු පරණ බදු ටිකම ගහනවා..!
සීයටත් ඡන්දයක් එන්නම ඕනෑ මිනිස්සු මතක් වෙන්න...!
පුළුවන් තරම් පොඩි මිනිහාට බඩේපාර ගහලා දැන් තමයි ජනතාව ගැන මතක්වෙලා තියෙන්නේ...!
රටේ ජනතාව අහාර නම් අඩුකරලා දැන් බොහෝම කල්...
කිසිම නායකයෙක් රටේ මිනිස්සුන්ට කන්න දුන්නේ නෑ.
ඡන්දෙ එනකන් දෙන ගුණ්ඩුව දෙන්න.