(සුජිත් හේවාජුලිගේ )
රටට කොහෙන් හෝ ණයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි හෙයින් ආහාර අර්බුදයට මුහුණදීම සඳහා අද සිටම වගාවට යොමුවීම වැදගත් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ මායාදුන්නේ මහතා පැවසීය.
මේ අභියෝගය ජයගත හැක්කේ සියලු දෙනා පොළවට බැස්සොත් පමණක් බවද ඔහු සඳහන් කළේය.
සරුසාර පොළවක් ඇති හෙයින් මේ අභියෝගය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බව පැවසූ මායාදුන්නේ මහතා එක පුද්ගලයකු හෝ බඩගින්නෙ නොතබන වැඩපිළිවෙල නිලධාරීන්ට පෙන්වා දුන් බව ද සඳහන් කළේය.
රටේ තිබෙන සහල් ප්‍රමාණය ගැන හොඳින් දන්නා හෙයින් ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට ක්‍රමවේදයක් ඇති කරගත යුතු බව ද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි !
හැමෝම පොලොවට බැහැලා වගා සංග්‍රාමයක් පටන් ගමු. දේශපාලුවන්ගෙන් අපිට ලැබෙන දෙයක් නෑ..
රටක් විදිහට අපි වලපල්ලට.. මේ කාලකණ්ණින් නිසා.