(අංජුල මහික වීරරත්න)
ආහාර ලබා ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇතැයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳව සංවාද සාකච්ඡාවකට සහභාගී වෙමින් වැඩ බලන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් මහතා සහ අනෙකුත් ජාත්‍යන්තර නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක් වූහ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 6 ක් හෝ මිලියන 7.5ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වී නිෂ්පාදනය සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් මිලියන 24 ක් වන අතර 2021 දී වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 16 ක් වූ බවත් එබැවින් ශ්‍රී ලංකාවෙි සහල් අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි වැඩ බලන ජනාධිපතිවරයා කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ආහාර ගන්න ඩොලර් මිලියන 14ක් ලැබෙයි
sam Monday, 18 July 2022 12:33 PM
වැඩ බලන ජනපති මේ සල්ලි මන්ත්‍රීලට දීලා ඔවුන්ගේ ඡන්දෙ ගන්න ප්ලෑන් කරයි. ඒක නිසා සල්ලි නම් දෙන්න එපා. ඕනෑ කියන භාණ්ඩ ලබා දෙන්න.
Jagath Monday, 18 July 2022 01:33 PM
මේ පාර හම්බවෙන එකෙනුත් කීයක් සාක්කුවේ දා ගනීද දන්නේ නෑ...?
sharm warn Monday, 18 July 2022 02:23 PM
අනේ නිලධාරි මහතුනි, මේ ආධාරය මුදලින් නම් දෙන්න එපා. ඒකෙන් දේශපාලකයින්ට ගෙවලා බලය රැකගන්න එක විතරයි වෙන්නේ.. ඒ නිසා ද්‍රව්‍යමය ආධාර විතරක් දෙන්න. මොවුන් එච්චරටම හොරු.
don Monday, 18 July 2022 03:24 PM
පොහොර ගෙනාවා නම් ආහාර ගේන්න යන වියදම යන්නේ නැහැනේ. දැන් බොරු වැඩ කරන්න ගිහින් ඩබල් ගෙවන්න වෙලා තියෙන්නේ...
fairoos Monday, 18 July 2022 03:33 PM
ඡන්දයක් ළංවෙනකොට ඔක්කොම ලැබෙනවනේ... මාර වැඩේ...!