IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආසියානු සූරයෝ හෙට මවු බිමට

(අංජුල මහික වීරරත්න)

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ රථ පෙළපාළියකින් කොළඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි  ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම් කටුනායක ගුවන් තොටුපොළේ දී උත්කර්ෂවත්ව පිළිගැනීමට  කටයුතු සූදානම් කර තිබෙි.

 ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැඟත් රථ පෙළපාළිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් හෙට පෙරවරුවේ ගමන්  ආරම්භ කිරීමට නියමිත අතර පෙළපාළිය කොළඹ - මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණේ.

 ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එක්ව මෙය සංවිධානය කරයි.

රටට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කර දුන්  ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරිමත් කිරීමට  ජාතික ධජ අතැතිව ගමන් මග දෙපසට එක්වන ලෙස සියලු ජනතාවට ආරාධනා කරයි .



අදහස් (0)

ආසියානු සූරයෝ හෙට මවු බිමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site