(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය භාරගැනීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් 2023 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට දීමට සූදානම් බවත් ආසියානු ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇතැයි ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතවී ඇති ව්‍යාකූල තත්වය පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගත් බවත් සත්කාරත්ව අතහැරීමට පැය 24 ක කාලයක් ලබාදී ඇති බවත් වැඩි දුරටත් දැනගන්නට තිබේ.
එම තරගාවලිය ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගෙන ගිය ද එහි සත්කාරත්වය තව දුරටත් ශ්‍රී ලංකාව සතුව තිබෙන අතර ශ්‍රී ලංකාව එම තරගාවලියේ සත්කාරත්වය අතහැරිය හොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 15 කට ආසන්න ආදායමක් අහිමි වන බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු කුසලානයේ සත්කාරත්වය ගැන තීරණයක් ගන්න පැය 24 ක්
ජගත් ලියනගේ Thursday, 11 August 2022 04:05 PM
කතාවක් තියනවා "රැවුලයි කැඳයි දෙකක් බැහැ" කියල . දැම්ම ඔය සල්ලි දුන්නොත් ඔය දෙන සල්ලිත් නැති වෙලා කියයි (2023 වෙනකොට) "අපි දැන් cricket ගහන්නේ නැහැ" කියල . ඩොලර් නේ.
MRJ Bandara Friday, 12 August 2022 07:16 AM
රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ තරඟාවලියෙන් ලැබෙන ආදායම ගැන සිතා ආසියානු කුසලාන තරඟාවලිය ලංකාවට ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි.