(ටී.කේ.ජී.කපිල)

චීනයේ හැංෂො  හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ කණ්ඩායම් නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය . මට ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය පිළිබඳව. මේ අවුරුද්ද අපට හොද වසරක් . අපි එංගලන්තය පරදා විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ලැබුවා . ඊට අමතරව බංග්ලාදේශය සහ නවසීලන්තයත් පරාජය කළා .

අපගේ ඉදිරි බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමටයි . අපගේ පන්දු යැවීම සහ පන්දු රැකීම හොද මට්ටමක පවතිනවා . පිතිකරණයත් දියුණු කරල හදා ගන්න ඕනෑ . එමගින් අපිට ලෝක ශූරතාවය දිනා ගැනීමට පුළුවන් යැයි ඇය පැවසුවාය .