(නිමන්ති රණසිංහ)

තම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුසු කරන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි දහයක 10ක කප්පමක් ඉල්ලූ බවට මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉදිරිපත් කර කළ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහාචාර්යවරයාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශ නැමැත්තිය රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (12) නියෝග කළේය .

සැකකාරියට එරෙහිව ඇප  ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී නැතැයි ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට එලෙස ඇප ලබා දුන්නේය