(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීමට වඩා රටේ ආර්ථිකය බිඳවැටීමට හේතු වූයේ වාහන ආනයනය නැවතීම සහ කොවිඩ් තත්වය බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය.
නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති 2019 වර්ෂයේ දී වෙනස් වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමිවූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
ආටිගල මහතා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (9)පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 වර්ෂයේ දෙසැම්බර් 04 වන දින ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එම තීරණය ගත් බවද ආටිගල මහතා පැවසීය.
මෙම රැස්වීමට හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරුන්ද මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයන්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ එම බැංකුවේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක්ද කැඳවනු ලැබ සිටියහ.
කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී අදාළ විෂය සම්බන්ධයෙන් ඊට සමගාමී පසුබිම් සටහනක් සහ වාර්තාවක් තිබිය යුතු හෙයින් එහි සම්පුරණ වගකීම ඇත්තේ එම විෂය සම්බන්ධ නිලධාරීන්ට බව මුදල් කාරක සභාවේ සමාජිකයන් මෙහිදී පෙන්වා දී ඇත.
යම් යම් නොවැලක්විය හැකි තත්වයන් තිබුණු බව පිළිගත හැකි වුවද මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිසි අධ්‍යනයකින් මෙවැනි තීරණ ගත යුතුව තිබු බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.
මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයින් තවදුරටත් විමසා සිටියේ කොවිඩ් තත්වය මතු වීමට ප්‍රථම, එවකට දේශපාලන බල අධිකාරිය විසින් ගනු ලැබූ මුල්‍යමය ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී මතු විය හැකි ගැටලුකාරී තත්වයන් පිළිබඳ මුදල් මණ්ඩලයේ පැහැදිලි නිගමන ඇතුළත් වාර්තාවක් ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් වශයෙන් කිසිවෙකු හෝ ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති හිටපු ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පවසා සිටියේ මෙවන් තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා වෙතද යොමු කරනු ලබන බවයි.
මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් නැවතත් විමසා සිටියේ, ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් දේශපාලන අධිකාරිය ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ නිවැරදි නොවන අවස්ථාවේදී ,ඒවා නිසි අයුරින් සිය ඉහළ බලධරයන්ට පෙන්වාදීමට හා දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.
මෙහිදී අදහස් දැක්වූ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත්තේ රජයේ වගකිව යුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළකිය යුතු බවයි.
දේශපාලඥයකු සහ නිලධාරියකු අතර තිබෙන වෙනස නිසි ලෙස හඳුනා ගත යුතු බව පැවසූ වීරසිංහ මහතා දේශපාලඥයන් විසින් ගනු ලබන තීරණ නිවැරදි නොවන අවස්ථාවන්හීදී එය පැවසීම නිලධාරීන්ගේ වගකීම සහ යුතුකම වන බවද සඳහන් කළේය.
එවන් තීරණවලට ලැබෙන ප්‍රතිඵල සඳහා වගකිව යුතු වන්නේ දේශපාලඥයන් පමණක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.
රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බව ආර්ථිකය බිඳ වැටෙනතුරුම ඒ ගැන තමන් දැනුවත් නොවූ බව සහ දේශපාලන අධිකාරියේ තීරණ මත පමණක් පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යැයි සමහරුන් පැවසීම අනුමත කළ නොහැකි බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම කාරකසභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් පැවසුවේ තමන් මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිපල පිලිබඳව විවිධ අවස්ථාවන්වලදී වගකිව යුතු නිලධාරීන්ට සහ එවකට දේශපාලන බලාධිකාරියට පැවසුවද කිසිවකු ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවයි.
එහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ උපයන විට ගෙවීමේ බදු ක්‍රමය කිසිඳු හේතුවක් නොමැතිව ඉවත් කිරීම මගින් ගැටළු රාශියක් ඇතිවූ බවත් 12.5 ක්ව තිබු රාජ්‍ය ආදායම මෙලෙස බදු කපා හැරීමෙන් 8.7 ට අඩුවූ බවත්ය.
එසේම මහ බැංකුවේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධතාවය වැඩි කර ගනිමින් නිසි සන්නිවේදනයක් සහිතව තීරණ ගතයුතු බවද කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.
මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බැවින් මෙම සාකච්ඡාව නැවතත් එළඹෙන 17 වැනිදා පවත්වන බවද ප්‍රකාශ කෙරිණ.
මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, (ආචාර්ය) නාලක ගොඩහේවා , එම්. ඒ. සුමන්තිරන් , මුජිබර් රහුමාන් , (ආචාර්ය) සුරේන් රාඝවන් , ගාමිණී වලේබොඩ මහතා, කංචන විජේසේකර මහතා, අනුප පස්කුවල් මහතා, විජිත හේරත් මහතා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, , ඉසුරු දොඩංගොඩ මහතා, (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා, නලින් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ් නිසානම් අසල්වැසි ඉන්දියාව හා බංගලාදේශයේ වත්කම පහල නොවැටුනුනේ ඇයි. ඒ රටවලින් අපට ඩොලර්ණ මිලියන ගනනන් ණය දුන්නේ කෙසේද?.පුරා වසර ගනනාවක් අපට ලැබුණු ආධාර සහ ණය වලට කුමක් වීද. ආටිගල මහතා ජනතාවඅන්ඳන බවයි හැඟීම..ඔහුගේ වෑයම ආන්ඩුව නිදොස්කිරීමය.
වාහන ගෙන්වීම නතර කලාම ආර්ථිකය කඩාවැටීම වෙන්නෙ කොහොමද එයින් විදේශ විනිමය ඉතිරි වෙනවා කියලයි අපි අහල තියෙන්නෙ ආහාර හිග වුනත් මැතිණියගේ කාලයේ විනිමය ඉතිරි නිසා ආර්ථිකය ශක්තිමත් වෙලා තිබුනා දෙවැන්න වත්මන් මහ බැංකු අධිපතිතුමා කියනදේ හරි නිළධාරින් දේශපාලනය නොකළයුතුය.එහෙම කලොත් දේශපාලුවො ගන්නා වැරදි තීරණ නිවැරදි වෙන්නෙ නැහැ දැන් කාලයේ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් කටයුතු කරන්නෙ එහෙමයි ඉයස් සර්,ඔව් සර් කියනවා මිස මේක මෙහෙම කලොත් නිවැරදියි කියන කිසිවකු නැහැ සිටියොත් ලොක්කො අහන්නෙ උඹද ලොක්කා නැත්නම් මමද කියලා මෙනිසා ඉක්මනින් රාජ්‍ය සේවය ප්‍රථිසංකරණය කරන්න ඕන
රට වැටුණේ,ආර්ථිකය බිඳ වැටුණේ, හොරකම වංචාව හා දූෂණය ඉවවහා ගිය නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ. නෙළුම් කුළුණ,විශාල ගල් පර්වතයක් කඩා ඉදිකළ නැව් නොඑන වරාය,ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපළ හා තවත් අසාර්ථක ව්‍යාපෘති සිදුකළ රටක් නොවැටී තිබේද ? ඉහළම තැන සිට පහලටම හොරකම ඉවාවහා ගියා බව රහසක් නොවේ. රාජ්‍ය පරිපාලන නොදන්නා විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉතා විශාල වැටුප් තලවල පිහිටුවා පරිපාලන තනතුරුවල තැබීම නිසා සිදුවූ හානිය සුළුපටු නොවේ.
හිටපු නාඩි නොවැටෙන තත්ත්වයක සිටි මහල්ලන් ඇතුළු වැඩ බැරි , හැකියාවන් නොමැති කොයි කොයි අප්පුහාමිලාගේත් කෙරුවාවන් නිසා රට වල පල්ලටම යවා හමාරය. වලට යැවූ හැටි කතා කර කර සිටිනවාට හැකියාවක් ඇති නව මහ බැංකු අධිපති , භාණ්ඩාගාර ලේකම් ඇතුලු දක්ෂ නිලධාරීන් හරහා රට , ආර්ථිකය ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි.
ආර්ථිකය බිඳ වැටුණේ බදු පතිපත්තිය නිසා නොවෙයි. මෙකෙ දාලා තියෙන "බදු පතිපත්තිය," කියන්නේ මොකටද? හුට්ටො....!!
තමන්ගෙ බේරුමට මොනව හරි කියනව රට ගිය විදියට මොන්ටිසෝරි ලමෙකුට උනත් තෙරුම් ගන්න පුලුවන්. ලමයෙක් ගෙන් අහුවනම් නය අරන් මුදල් උත්පාදනය නොවන වියපෘතිවලට යෙදෙවුවොත් රටට මොකද වෙන්න කියල හරි උත්තරේ දේවි. වැරදි තීරණ නිසා දෙකෝටියක් ජනතාව දුක් විදිනව මෙකට වගකිව යුත්තෝ විද්‍යානුකුලව සොයල උපරිම ඩඩුවම් දියයුතුමයි.
අද රට වැටී සිටින අවාසනාවන්ත තත්වයට ජනාධිපතිත්, හිටපු මුදල් ඇමතිවරුන්, මුඩල් අමාත්‍යංශ ලෙකම්වරුන්, මහ බැංකුවෙ අදිපතිවරුන් සහ භාණ්ඩාගාර ලෙකම්වරුන් සියලුදෙනම වග කිව යුතුයි. ඔවුන් කර තිබෙන්නෙ රටෙ ජනතවගෙ බදුමුදල්වලින් යැපෙමින් තම මඩිය තරකර ගෙනඒ්මයි.
සාකච්චාවට සහභාගිවූ දෙසපාලඥයෝ පලකල අදහස් දැනගන්න කැමති. අපිට මිනිස්සු තක්සේරු කරන්න, අගයන්න පුළුවන් ඒ අදහස්වලින්. විශේෂයෙන් සජිත්, සුමන්තිරන් සහ මුජිබර්.
ධනවාදී අධිරාජ්‍යවාදීන් මෙ සිංහල රාජය බිද දමන්නමයි කටයුතු කරන්නෙ. මෙ ආර්තික අවතය අධිරාජ්‍යවාදී කුමත්‍රනයක් බව නොදරුවෙකුට උනත් තෙරුම් ගන්න පුලුවන්. බැසිල් මහතාවගෙ විද්වතෙක් රට හැර යන්නෙ ඉතාම හි් අමාරුවෙන්. රටට විසාල පාඩුවක්.
ඒක මාර කතාවක් , වාහන ආනයනය නොමැති නිසා එහෙම උනා? බදු අඩු කිරීම ඒකට හේතුවක් නෙවෙයි. මට මේක තේරෙන්නෙ නැහැ සාන්ත , මට වතුර ටිකක් .දෙන්න
මේ වගේ තකතීරුවො ලේකම් කම කලානම් බැසිල් ඇමතිකම කලාට කමක් නෑ.වාහන ආනයනය කරන්න සල්ලි ඩොලර් ඌ අච්චුගහලද .නැතිව විදෙස්‌ගත ශ්‍රමිකයන් අපනයනය කරන්නන් හොයන ඒවද?