IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආර්ථිකය ගැන වෙන අදහසක් දැරුවොත් රට හාන්සියි

(අංජුල මහික වීරරත්න)

අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 

එබැවින් එම වැඩපිළිවෙළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  ත්‍රිකුණාමලය හෝටල් සංගමය විසින් ත්‍රිකුණාමලය Beach Resort හෝටලයේදී සංවිධානය කර තිබූ හමුවකට සහභාගී වෙමිනි.

ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව ද විස්තර කළේය. 

එම සංචාරකයන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් මහා පරිමාණ හෝටල් රැසක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් ත්‍රිකුණාමලය සංචාරකයන්ගේ ආකර්ශනීය  ගමනාන්තයක් බවට  පත් කිරීමේ දී හෝටල් සංගම්වලට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳවත් ජනාධිපතිවරයා සාකච්ඡා කළේය.



අදහස් (10)

ආර්ථිකය ගැන වෙන අදහසක් දැරුවොත් රට හාන්සියි

Rata Perata Monday, 05 August 2024 02:25 PM

රටේ ආර්ථිකය නැති කරපු අයම ඒක හදන්න අවස්ථාව දෙන්න කියලා කියන කාලකණ්ණි ඉන්නේ ලංකාවේ විතරයි. ඒ වගේම ඒක විශ්වාස කරලා ඔවුන් පස්සේ යන අපතයෝත් ඉන්නේ අපේ රටේ විතරයි.

:       69       52

Pradeep Kumara Monday, 05 August 2024 02:55 PM

ආර්ථිකය විනාශකළ ඔබලාම කියනවා නම් එය නැවත ගොඩනැගිය හැක්කේ ඔබලාටම පමණයි කියලා ඒ තරම් විහිළුවක් තවත් තියනවාද? මහ බැංකු බැඳුම්කරයෙන්, සීනි බදු වංචාවෙන්, සුදුළුෑණු බදු වංචාවෙන් ඒ වගේම පොල්තෙල් බදු වංචාවෙන් රටේ ආර්ථිකයට කළ දේ ඔබලාගේ එහෙයියන් හැරුණු විට මුළු රටම දන්නවා. ඒ වගේම ඊට නිසි පිළිතුරු දීමට දිනය එළඹෙන තුරු ජනතාව බලා ඉන්නවා...

:       43       24

Akila Monday, 05 August 2024 02:56 PM

ඔව් රනිල් දැන් මුළු ලංකාවම IMF ණය උගුලට අහු කරලා ඉවරයි.. ඒ ගොල්ලන්ගේ පදේට නටනවා ඇරෙන්න දැන් ලංකාවට ආර්ථිකයක් කියලා දෙයක් නැහැ...

:       40       27

Udrich Monday, 05 August 2024 02:58 PM

අවුරුදු 76ක් රට කාපු අය දැන් එනවා ඒවාට විසඳුම් හොයන්න.

:       32       28

බද්රානි Monday, 05 August 2024 02:59 PM

මේ රටට කරන්න පුළුවන් හැම කොඩිවිනයම කරලා දැන් මෙතැන අපිට බණ කියන්නත් එනවානේ ලජ්ජා නැතිව... මේ අයට ඕනෑ පක්ෂ තුළ බලය තහවුරු කර ගනිමින් හැමදාම බලයේ ඉන්න විනා වෙන කිසිවක් නොවෙයි... කතාවට විතරක් ලෝකෙන්ම ප්‍රෞඩ ජාතිය කියලා ලෝකෙන්ම හිඟන හා නිවට ජාතිය බවට පත් කළාට නුඹලාට මේ සංසාරයේ නම් හොඳක් වෙන්නේ නැහැ... නොදකින්, හොර තක්කඩි!!

:       28       30

ගමේ එකාලා Monday, 05 August 2024 03:32 PM

මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා ආර්තිකය මුලුමනින්ම විනාශ කෙරුවේත් දූෂිත දේශපාලුවෝ මිස වෙන කවුරුවත් නෙවෙයි...

:       2       15

chinthana Monday, 05 August 2024 04:14 PM

පච කෙලින්නේ නැතිව ගෙදර යන්න.

:       4       15

nalaka Monday, 05 August 2024 04:36 PM

මහ බැංකුව ගැන මොන වගේ මතයක්ද දරන්න ඕනේ...?

:       4       15

ජනරළ Monday, 05 August 2024 04:56 PM

අපොයි ඔව්, ආර්ථිකය ගැන හිතන්න ඕනෑ තමයි. ඉන්දියාවෙන් පුළුවන් තරම් ණය අරන් ඔවුන්ගේ කොන්දේසි වලට යටවෙලා අපේ රටේ අනාගත පරපුරට අයිති සියලු සම්පත් ඔවුන්ට විකුණලා ඒ සල්ලිත් නිකම් වැඩකට නැති දේවල් වලට වියදම් කරලා සුන්නත්දූලි කරලා අන්තිමට ණය ගෙවන්න මොනම විදියක් වත් නැති වුණාම මුළු රටම ඉන්දියානුවන්ට ලියලා දීලා අන්තිමට ගිහින් මිනී වලේ තමයි හාන්සි වෙන්න තියෙන්නේ...

:       5       13

Jagath Monday, 05 August 2024 05:56 PM

රනිල් කලබල වෙන්නේ නැතුව ඉන්න. ඔයාගේ ක්‍රමය ඇවිල්ලා ණයටකන එක, විකුණන්කන එක, ඉල්ලන්කන ඒකනේ. ඔයාගේ ආර්ථික ක්‍රමයට වඩා ඉතාමත්ම හොඳ, ලංකාවට ගැලපෙන ආර්ථික ක්‍රමයක් හදන්න පුළුවන් විශේෂඥයෝ ලංකාවේ ඕනතරම් ඉන්නවා. ඔයාගේ ක්‍රමය කිසිසේත්ම ලංකාවට ගැලපෙන්නේ නැති බව කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා.

:       4       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site