(අංජුල මහික වීරරත්න)
ආර්ථික මධ්‍යස්ථාන වල අතුරු බදු දී ඇති සියලු වෙළෙඳ සැල් දැනට වෙළෙඳ කටයුතුවල නිරත වන අතුරු බදුකරුවන්ටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
ආර්ථික මධ්‍යස්ථානවල තිබෙන වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් විසින් විවිධ පුද්ගලයින්ට අතුරු බදු දී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන බාරව කටයුතු කරන නිලධාරීන් හා වෙළෙද සංගම් කෘෂිකර්ම අමාත්‍යාංශයට කළ දැනුම් දීම අනුව මෙම තීරණය ගෙන තිබෙි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ සහභාගීත්වයෙන් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සොයා බැලීම පිළිබඳ සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇත.
ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳ ප්‍රතිපත්තියෙහි අතුරු බදු දීම සඳහා වෙනත් පාර්ශ්වයකට පවරා දීමක් සිදු කළනොහැකි බැවින් මෙම සතිය ඇතුළත කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති අංශය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව රත්නපුර දිස්ත්‍රික්කයේ බලවේග පෙහෙකම්හල් තුනක් තිබුනා ඒවා අසූගණන්වල කේ ටෙක්ස් නම් ආයතනයකට බදු දුන්නෙ පෙහෙකම්හල් පවත්වා ගෙන යාමට තමයි නමුත් දැන් වෙනවිට වෙනත් පිරිසක් නැවත බදු අරගෙන හෝ මිලට ගෙන ඉන් එකක් වෙනස්කර කාමර ආකාරයට සකසා වෙළදාම සදහා කුලියට දීලා විශාල වශයෙන් ආදායම් ලබනවා එක කොටසක් මහජන බැංකුවේ ශාඛාවක් ලෙසත් කොටසක් රජයේ සංස්ථා කුලුබඩු අලෙවිහලක් සදහා ලබාදී තිබියදී තවත් පුද්ගලික වෙළඳ සැල් කීපයක් එහි තියෙනවා රජයේ ගොඩනැගිලි අරගෙන පුද්ගලික ආයතන මෙහෙම මුදල් ඉපැයීම කොතරම් සාධාරණ වැඩක්ද