IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ආර්ථික මධ්‍යස්ථාන පාලුවට යයි

(නිමල කොඩිතුවක්කු)

පාරිභෝගික ජනතාව නොමැතිවීමෙන් පෑලියගොඩ මැනිං වෙළඳපොල, දඹුල්ල, නාරාහේන්පිට මීගොඩ සහ බෝකුන්දර ඇතුලු ආර්ථික මධ්‍යස්තාන අද (7) දිනයේ පාලු සබාවයක් ගෙන තිබිණ.

භාන්ඩ ලැබීම සහ බාණ්ඩ අළෙවිය යන දෙකම පහළ වැටීම හේතුවෙන් වෙළඳාම් කිරීම බොහෝ දුස්කර වී ඇතැයි සමස්ථ ලංකා ඒකාබද්ධ ආර්තික මධ්‍යස්තාන සහ මැනිං වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පැවසීය.

ඉන්ධන අර්බුධයත් සමග ආර්ථික මධ්‍යස්තාන පවත්වාගෙන යාම බොහෝ ගැටලු සහගත වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ඇතැම් ආර්තික මධ්‍යස්ථානවල  බොහෝ වෙළඳසැල් වසා තිබෙනුද දක්නට ලැබුණු බව අප වාර්ථිකරුවෝ පවසති.

එළවලු සහ පළතුරු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ පහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව පෑලියගොඩ මැනිං වෙ`ළඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 250ක්, බොංචි කිලෝවක් රුපියල් 300 ක්, ගෝවා කිලෝවක් රුපියල් 200ක්, වම්බටු කිලෝවක් රුපියල් 300ක්, ලීක්ස් රුපියල් 150ක්, වට්ටක්කා රුපියල් 220 ක් අමු මිරිස් කිලෝවක් රුපියල් 500ක්, දෙහි කිලෝවක් රුපියල් 200 ක් තක්කාලි කිලෝවක් රුපියල් 150ක්, ලෙස  අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති.

මෙයට අමතරව නාරාහේන්පිට ආර්තික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 320ක්, බොංචි කිලෝවක් රුපියල් 360 ක්, ගෝවා කිලෝවක් රුපියල් 280ක්, වම්බටු කිලෝවක් රුපියල් 400ක්, වට්ටක්කා කිලෝවක් රුපියල් 200 ක්, අමු මිරිස් කිලෝවක් රුපියල් 800ක්, දෙහි කිලෝවක් රුපියල් 700 ක් තක්කාලි කිලෝවක් රුපියල් 360 ක්, රට අල කිලෝව 240ක් ලංකා අල කිලෝව 420ක් බී ලූණු කිලෝව  200ක් ලෙස  අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති.

මේ අතර පෑලියගොඩ මාලු වෙලදපොලේ  තලපත් කිලෝව රුපියල් 1550ක්, බලයා කිලෝව රුපියල් 1000 ක්,  සාලයා කිලෝව රුපියල් 800ක්, හුරුල්ලා කිලෝව රුපියල් 1000ක්,  ලින්නා කිලෝව රුපියල් 950ක්  ආදී ලෙස අළෙවි වේ.



අදහස් (0)

ආර්ථික මධ්‍යස්ථාන පාලුවට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site