
(ආරියරත්න රණබාහු)
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන පනතක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ වන විට පවතින්නේ ජනවරමක් රහිත පාර්ලිමේන්තුවක් බැවින් එමගින් මෙවැනි පනතක් සම්මත කර ගැනීම ඉතා භයානක බවද මහාචාර්යවරයා කීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය ලාභ ලබන ආයතන ලහි ලහියේ විකුණා දැමීමට අවශ්‍යය පිඹුරුපත් කඩිනමින් සකස් කරන බව දැනගන්නට ලැබී ඇති බවය
ජනතා ගැටලු විසඳීම සඳහා අභිනව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය වර්තමාන සමාජය තුළින් පිළිබිඹු වන බව කී ඒ මහතා තරුණ පරපුර ඇමතීම සියලු පක්ෂ නායකයින්ගේ යුතුකම බවත් අනාගතයේ ජීවනාලිය ඔවුන් බවඅමතක නොකළ යුතු යයිද සඳහන් කළේය
වත්මන් ආණ්ඩුව මැතිවරණවලට දක්වන බිය සුළු බව හේතුවෙන් මුදල් නොමැති යැයි පවසා මැතිවරණ කල් දැමීමට අර අඳිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඒ සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවද පැවසීය
පළමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද යන්න ගැන ජනතාව කිසියම් කුතුහලයකින් පෙළෙන බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කෝ මේ පනත ගැන මොකුත් කිවේ නැද්ද මේ යකා...... මාතෘකාව එකක් කරුණු වෙන මොනවද එකක්... අනේ මන්ද එක්කෝ මේ මහචාරියට පිස්සු නැත්නම් මේ ලිපිය ලියපු එකාට පිස්සු
ඒ වුණාට ඡන්දෙ ලැබෙිවි 135ක්. මේ රෝත්ත ගෙදර යවන්න කලින් සේරම විනාශ කරලා යන්නේ
මෙන්න මේ මොලේ කොලොප්පන් වයසක මිනිහවත් ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ වද්දගන්න නුසුදුසු එකෙක් . දශක 3 ක් විතර පාර්ලිමේන්තුවේ හිටිය . සට්ටඹි කම් කර කර හිටිය මිසක අඩුම තරමේ බෝක්කුවක්වත් හදපු මිනිහෙක් නෙවෙයි , මෙදාපාර සජිත්ගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න තමයි මේකාගේ ප්ලැන .
හරියට මෙයාට ඡන්ද දිනන්න පුළුවන් වගේ කතාව. හැමදාම ඇමැතිකමක් බලාගෙන දිනනවා යැයි එයා හිතන එක්කෙනෙක්ගේ වලිගේ එල්ලිලා ගියා මිසක් මෙයාට තියෙනවද ස්වාධීන දේශපාලන මතවාදයක්? මහාචාර්යකම තියෙන්නේ දේශපාලනයෙන් නොවන නිසා ඒ පට්ටම පාවිච්චි කිරීම සදාචාර විරෝධියි. මෙයාගේ දේශපාලන හැසිරීම් ඒ මහාචාර්ය පට්ටමට නින්දාවක්
අවරුදු ගණන් බලයේ රැදී ඉදලා , රට බංකොලොත් වෙන ආර්ථික පරිවර්තනයක් කරන්න උදව් උපකාර කරලා, දැන් ලජ්ජා නැතුව වැරදි හොයනවා .