(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික ගැටලුව නැමැති ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩලය නැමැති ගොනා ඇන්න බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.
එම ඇනීම කළේ විදුලි මිල වැඩි කිරීමෙන් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ
ආගමික ස්ථාන වල විදුලි බිල ද සියයට 55 කින් වැඩි කර ඇතැයි චෝදනා කළ සෝභිත හිමියෝ මෙය දරාගත නොහැකි වැඩිවීමක් බවද පෙන්වා දුන්හ
අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ විදුලිය බිලද සියයට 300 කින් පමණ වැඩි කර ඇතැයිද විදුලි බිල වැඩි කළ ආකාරය අසාධාරණය යැයිද එහිමියෝ පැවසූහ.
විදුලි බිල වැඩි කිරීම සංශෝධනය කළ යුතු බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Can you look after religious things only ...? they will look after the politics and economy.
2019ට පෙර කීවූ බණ ආසා දැන් වැඩි කොටසක් මාර්ගඵල ලබලා පෙට්‍රෝල් පෝලිමේ හිටිය විසි ගණනක් රහත් වෙලත් ඉවරයි. ඒ මදිද? දැන් ඉතින් ඔබවහන්සේලාගේ කාලය නේද? අපේ හාමුදුරුවනේ
අපි දැනට බරපතළ ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින අවස්ථාවක රජයටත් රටවාසීන්ටත් පන්සලවත් අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන්න කියලා කාරුණිකව මෛත්‍රියෙන් භික්ෂූනමක් විදිහයට වටිනවා නේද
රටේ ජනතාව තවත් පීඩනයට ලක් කරමින් විදුලි බිල වැඩි කිරීම ඉතා අසාධාරණය. විදුලිබල මණ්ඩල සේවක උපයන විට බදු ගෙවීමත් රටේ ජනතාව මත පැටවීම මෙන්ම නාස්තිය සහ දූෂණය නිසාවෙන් විදුලි මණ්ඩලය පාඩු ලබා එය ජනතාව මත පැටවීමට එරෙහිව අධිකරණය හමුවට යා යුතු නොවේද ? අර අරගලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතුන්ට මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු දේශපාලන පක්ෂවල අයට විදුලි බිල මෙලෙස වැඩි කිරීම සම්බන්ධයෙන් හඬක් නගන්න බැරි ඇයි?
ආගමික ස්ථාන වල විදුලි බිල දායකයින්ට ගෙවන්න කියන්න. ඕවායේ වියදම් සමස්ත ජනතාව ගෙවන්නේ මොකටද
හාමුදුරුවනේ.... දැන්වත් ගහෙන් වැටුණ ගොනෙක් වගේ නොහැසිරෙන්න..!! ලිඳේ ඉන්න මැඬියාට පේන්නේ නිල් අහසේ වලාකුලු විතරයිලු.... ලොව බොහෝ රටවල උද්ධමනයට සාපේක්‍ෂිතව විදුලි බිල වැඩි උන බව හාමුදුරුවෝ දන්නේ නැද්ද?? යුරෝපා ශීත රටවල පවා විදුලි බිල සියයට 75 කින් වැඩි කර ඇත. පරිහරනය කරන තරමටමය බිල එවන්නේ..! සමහර පන්සල්වල විදුලි පංකා පැය 24 ම වැඩ..! හරියට ඒවා ඉවක් බවක් නැතිව දුවනවා වගේ... ...
ඇයි මේ මැට්ටන්ගෙ කතා පත්තර වල දාන්න එපා .අපේ ලේ කෝප වෙනව මේව දැක්කම
රුපියල් 30 -60 අතරේ ගන්න යුනිට් එකක් මිනිස්සුන්ට රුපියල් 10/= පන්සල් කෝවිල් පල්ලි වලට රුපියල් 2/= යි. ඉතින් පාඩු නැද්ද. අන්තිමට අපේ බදු සල්ලි අරගෙන පාඩු පියවල බෝනසුත් දෙනවා. ඕක පෙන්නේ නැතිද.
මේ යකාට ඕන ගාණක් ගෙවන්න පුළුවන්... හැම ආණ්ඩුවෙන්ම කෑවා. ගිය ආණ්ඩුව ඉල්ලපු බෙන්ස් එක දුන්නේ නැති නිසා විරුද්ධ වුණා...
" ගගෙන් වැටුණු මහ ජනයාට ඇන්න ගොනා.. විදුලි මණ්ඩලේ බව දැන් හඳුන ගෙනා ... කබලෙන් ලිපට වැටිලා දුක් විඳින දනා ... කෙලෙසක දිවි ගෙවන්නේ දැයි කියනු මැනා ...
දෙයියන්ගේ නාමෙට මේ රටේ ආයතන සපයන සේවාවන්ට වියදම් වන මුදල සහ ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල පාරිභෝගිකයින්ගෙන් අයකරන්න දැන්වත්. එහෙම නොකරන එක තමයි මේ රට හැදෙන්නේ නැති වෙන්න ප්‍රධානම හේතුව. වියදම දන්න මිනිස්සු අරපිරිමසාගෙන වැඩ කරයි. පිනට දුන්නොත් හිතුමතේ පාවිච්චි කරයි. දේශපාලුවන්ගේ නිවාස වලට නොමිලේ විදුලිය දීම සහ නිළධාරින්ගේ බෝනස් ගසාකැමත් කෙසේ හෝ නවත්වා ගත්තොත් විදුලි බිල නැවත වැඩිකරන්න උවමනා නොවෙන්නත් පුලුවන්.
පන්සල්වල, පල්ලිවල වැඩට විදුලිය පාවිච්චිය හරියට ලංවිම අයිතිය ඒ අයට වගේ. ඒ ආයතන සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගික ගණයට දමා අයකරන්න...