
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher) මහත්මිය අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකා රජයේ ප්‍රසාදය අයිලීන් ලෝබකර් මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා ලෝබකර් මහත්මිය දැනුවත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධ කරුණු මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේය.
ලෝබකර් මහත්මිය මෙහිදී සදහන් කළේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය අගය කරන අතරම දෙරට අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන් පසුවන බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.