(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ  සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් යටතේ  අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව  මැතිවරණ කොමිෂන්  සභා පවසයි.

අර්බුද ජයගැනීම සඳහා සම්මුතිකාමීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ මොහොතක් ලෙස මෙම අවස්ථාව සලකන බවද කොමිසම සඳහන් කරයි.

මෙහිදී වඩාත් වැදගත් වනුයේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම බවද කොමිසම පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිත කාල රාමුවකදී  ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක්ද   ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක බලය ඉවත් කිරීම හෝ බලතල සීමා කිරීම හෝ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම, රටට විදේශ විනිමය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සහිත ව්‍යාපෘති ආරම්භ කිරීම,   අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා අමාත්‍යාංශ ඇති කිරීම, අත්‍යවශ්‍ය  භාණ්ඩ හා සේවා සැපයීමට හා බෙදාහැරීමට විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මහජන නියෝජිතයන්ට ලබා දෙනු ලබන අධි  වරප්‍රසාද සීමා කිරීම එම යෝජනා  අතර වෙයි.