(බී.ජී.චතුරංග)
වල් අලින් ගම්වැදීම වැළැක්වීමට ඉදිකර ඇති විදුලි වැටක සවිකර තිබූ ලක්ෂ හතරක් පමණ වටිනා එනජයිසරයක් (විදුලි ධාරාව අඩු කර, කඩින් කඩ ලැබීම සලස්වන යන්ත්‍රයක්) සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් දෙදෙනකු හා ගොවියකු අත්අඩංගුවට ගත් බව විලච්චිය පොලිසිය පවසයි.
මන්නාරම් හන්දිය, දෙගැහැව ප්‍රදේශයේ විදුලි වැටට සවිකර ඇති එනජයිසරයේ ආරක්ෂාව සඳහා මෙම සිවිල් ආරක්ෂක බළකා සෙබලුන් දෙදෙනා රාජකාරියේ යොදවා සිටින අතරවාරයේදී, එය සවිකර තිබූ කාමරයේ ඉදිරිපස දොර කඩා කිසියම් අයකු හෝ පිරිසක් මෙම සොරකම සිදු කර ඇති බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරියකු මහවිලච්චිය පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී, එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් හා ගොවියා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සොරකම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගේ යම් අනු දැනුමක් ඇතිවූ බවට අනාවරණය වන බවත් තුන්වන සැකකරු වන ගොවිතැනින් ජීවත් වන පුද්ගලයා මේ ආසන්නයේ පදිංචි කරුවකුවන බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයෝ විදුලි වැටේ බැටරියට විදිති