IMG-LOGO

ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරයා (19) දා අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරයා බව පොලිසිය කියයි.

නිවාඩු දිනයක් බැවින් පෞද්ගලික බැංකුව ඇතුළු ආයතන කිහිපයක් වසා දමා ඇති අතර මෙම පුද්ගලයා පමණක් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට රැඳී සිට ඇතැයි පැවසේ.

ඒ අතරතුරදී සවස 02.30 පමණ ආරක්ෂක නියාමකවරයා රැඳී සිටින මුර කුටියේ ප්‍රභාකරන් රැදී සිටින බව පවසා  ගිනි ඇවිලෙන සුළු කිසියම් ද්‍රාවණයක් යොදා ගිනි තබා ඇතැයි පැවසේ.

ගින්නෙන් මුරකුටිය තුළ තිබූ ඇදක්, මේසයක්, පුටුවක් පොත් පත් කිහිපයකට හා ආරක්ෂක නියාමකවරයාගේ රෙදි පිළි තොගයකට පමණක් ගිනි ඇවිලී ඒවා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.

ගින්න සිදුවීමත් සමඟ කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ කාර්ය භාර නිලධාරී ජී.ඩී.ඩී.පී.ගලගෙදර මහතා ඇතුළු නිලධාරීන් අට දෙනකු ගිනි නිවීම් රථ දෙකක් සමග පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව කියයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කොට සිහි මුර්ජා ගතියෙන් හැසිරී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම කුටියේ ප්‍රභාකරන් රැඳී සිටි නිසා තමා ඊට ගිනි තැබූ බව පොලිසියට පවසා තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු වෙත යොමු කොට වෛද්‍ය වාර්තාවක් ලබාගෙන නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (2)

ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා

පර්සි මහේන්ද්‍ර Saturday, 19 April 2025 11:17 PM

ප්‍රභාහරන්ට අවසිහියෙන් බයවුනා කිව්වම මම හිතුවෙම ගොම්බාන්පිල කියල

:       0       0

පිස්සු යක්කු Sunday, 20 April 2025 08:57 AM

අඩේ මේ ගෙම්බංපිල සෙට් එකේ තවත් එකෙක්...රටේම මේ වගේ උන් අල්ලලා වහාම පුනුරුත්ථාපනයකට යොමු කරමු..ආ අර වංශ පනික්කියාවත් එක්කම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site