IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආරක්ෂක රාජ්‍ය ඇමැති රණවිරු ඇපරල් බලන්න යයි

( තිලකරත්න දිසානායක)

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා යක්කල ,රණවිරු ඇපරල් ආයතනය මගින් සිදු කරනු ලබන සේවා කටයුතු දැකබලා ගැනීම පිනිස නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධයේදී විවිධ ආබාධිත තත්ත්වයන්ට පත් යුද හමුදා සාමාජිකයන් පුනරුත්ථාපනය පිණිස අරඹන ලද මෙම රණවිරු ඇපරල් ආයතනයේදී මේ වනවිට යුද හමුදාවට අවශ්‍ය නිල ඇදුම් සකස් කිරීම සමස්ථ අවශ්‍යතාවයෙන් සියයට 85 ක පමණ ප්‍රමාණයක් සැකසීම සිදු කෙරෙන බව මෙහිදී ප්‍රකාශ විය.

මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කර්මාන්ත ශාලාවෙහි ඇදුම් නිෂ්පාදනය කිරීමේ කටයුතු ආකාරය දැක බලා ගැනීමෙන් අනතුරුව මෙහි සේවය කරන ආබාධිත රණවිරුවන්ද හමුවී කතා බහකද නිරත විය.

මෙම අවස්ථාවට යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සී.ඩී.රණසිංහ, මේජර් ජෙනරාල් රෝහණ ජයවර්ධන , මේජර් ජෙනරාල් ජේ.බී.වනිගසේකර, පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක, රණවිරු ඇපරල්හි සේනා විධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.මහතුවක්කාර , නියෝජ්‍ය සේනා විධායක බ්‍රිගේඩියර් අමිල වාසගේ , කර්මාන්තශාලා කළමණාකාර කර්නල් ටයිටස් ජයකොඩි යන නිලධාරීන්ද එක්ව සිටියහ.

 



අදහස් (2)

ආරක්ෂක රාජ්‍ය ඇමැති රණවිරු ඇපරල් බලන්න යයි

සල්ලි Sunday, 10 September 2023 09:47 AM

පත්තරේ බැලුවොත් වැඩිපුරම පෙන්නන්නේ දේශපාලන පුවත් .... ටීවී එකෙත් වෙනසක් නෑ...

:       0       0

Lalla Sunday, 10 September 2023 10:44 AM

මන්ත්‍රී ගොල්ලට අවශ්‍ය කපටි සූට් ටිකත් ඕකට කියල මස්සවගන්න ඕඩර් දෙන්න වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site