IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහ  ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක්  ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය.

ජනාධිපති සහ සේනාධිනායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායක් ලෙස මෙම හමුව සිදු වූ අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එන්.ආර්. ළමාහේවාගේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක යන මහත්වරු මෙලෙස ජනාධිපතිවරයා හමුවූහ.

සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයාට සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණ. 

 



අදහස් (7)

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති

දේශප්‍රේමීන් Friday, 19 August 2022 08:02 PM

කමල් ගුණරත්න 2019 ඡන්දෙට කලින් කියපු වදන් රඟපු රැඟුම් මතක් වෙනවා මහත්තයෝ.

:       0       0

chandima Friday, 19 August 2022 09:53 PM

අර කට්ටිය ආයෙත් කඩා පැනලා මේ සමරු තිළිණ ටිකත් උස්සන් යාවිද? එසේ නොවන විදිහට රට පාලනය කිරීම වික්‍රමසිංහ මැතිතුමාගේ වගකීමක්...

:       0       0

beau Friday, 19 August 2022 11:38 PM

ඇයි මේගොල්ලන්වත් කුලියට ගන්නද හදන්නේ .එල් ටී ටී ඊ ත්‍රස්තයින්ග් කකුල් හෝදන්න

:       0       0

Saman Saturday, 20 August 2022 01:06 AM

එන එන එකාට සැලියුට් ගහ ගහ ෆොටෝ අරන් ඉදපල්ලා එතකොට ඔක්කොම හරි

:       0       0

Gamunu Saturday, 20 August 2022 01:53 AM

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් මත ක්‍රියාත්මක වන්නා වූ රටවල ජනාධිපති සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවීම් දේශපාලන අධිකාරිය සහ ආරක්ෂක අංශ අතර සුහදත්වය ප්‍රකාශ කිරීමකි. ජනාධිපතිවරයාට ලෙජන්ඩරි වටිනාකමකින් යුත් සමරු තිළිණද ලැබී තිබේ..!

:       0       0

Sunil Saturday, 20 August 2022 05:53 AM

මෙයාට අත්‍යාවශ්‍යම සගයින් ටික... ටී56 න්ම රට පාලනය කරන්නයි කල්පනාව...

:       0       0

Lalith M Saturday, 20 August 2022 09:27 AM

ඔය පැන්ෂන්කාර ජනරාල්ලා හැර තරුණ ක්‍රියාකාරි ආරක්ෂක කටයුතුවල ප්‍රවීණ පරිපාලන නිලධාරීන් රටේ නැතිද? හරියට මහලු මඩමක උත්සවයක් වගේ...

:       6       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 435 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site