(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා රූපවාහීනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම ගැටළු සහගත තත්ත්වයක් වන අතර එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට තර්ජනයකට ලක්වීමක්යැයි ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අපේක්ෂා කරමින් රූපවාහිනී ජනාධිපතිවරයා අවම සදාචාරය හෝ ආරක්ෂා කරමින් රූපවාහිනී සංස්ථාවට පවරා ගැනීමට පෙර ඒ බව විෂයභාර අමාත්‍යවරයා හෝ දැනුවත් නොකළ බවද එම ලිපියේ සඳහන්වේ.
ලිපිය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අහන්නත් අපි ශ්‍රී ලාංකිකයෝ වෙලා ඉපදුනා නේ.නේ .නේ . දුකයි ඉතින් .
හරියට මේ , ඇමතිකම්, සංස්ථා , අගමැති, කම් පවර ගන්නේ හරියට මාකට් එකෙන් කුණු මාළු ලාබෙට ගන්නවා වගේ
එතකොට මේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති නේද ?
හොඳ වෙලාවට 19 සම්මත කරගත්තේ.. නැතිනම් හනුමාන් මෙලහකටත් රට ගිනිතියලා.
ආරක්ෂක ඇමති වුණාට, හරියට ලියුමක්වත් යවන්න දන්නේ නැහැ. ලියුමේ දින දෙකක්... කව්ද මේ ලියුම චෙක් කළේ? ලියුම අාපහු හදලා යවන්න.
අතීතයේ කෙනෙක් කිව්වලු තමාගේ ආරක්ෂාව තමාම සලසාගන්න කියලා. මැ.කො. සභාපති කියනවා ජනාධිපතිවරණය ළඟයි කියලා. කවුද දන්නේ මෙය තමාගේ ආරක්ෂාව සලසා ගැනීමක්ද කියලා...
අැමතිතුමාට අමතක වුණා නේද ඉදිරියේදී ජනාධිපතිවරණයක් සහ තවත් මැතිවරණයක් එනවා කියලා. අනික ජනාධිපතිතුමා එදා අගමැතිකම උදුරා ගත්තේ රනිල් මහත්තයට කියලා නොවෙයිනේ...
හොරකම් කරපු මිනිස්සු ආයතන වල ලොක්කෝ කරන්න තරම් හැඳි මිටේ මොළයක් නැති පාලකයෝ. ජනාධිපති මොනවා උනත් කරපු වැඩේ හරි. යනකොට ආයතනත් කාලම යන්න බලන්නේ.
හිතට අමාරුයි වගේ ඇමතිතුමාට දෙන්න හිටපු කෙනාට දෙන්න බැරි උන එක ගැන.
එයාට රටනම් ආරක්ෂා කර ගන්න බැරි උනා, දැන් මේ වගේ දෙයක්වත් බැරි උනාද? මේ රටේ මහජනතාව හරිම අවාසනාවන්තයි. පසුගිය අවුරුදු 4 ටම රට ආපස්සට ගියා. අයෙමත් නම් අහුවෙන්න එපා.
කවුදෝ සිල් රෙදි බෙදුවා වගේ වැඩක් මේක .
මෙයාගෙන් මිට වැඩිය දෙයක් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බෑ ....
මේකත් මහින්දව අගමැති කළා වගේ ගේමක් විය හැක .
තියෙන ඡන්ද දෙක තුනත් විනාශ කරගන්න වැඩ මේවා .
පිස්සන්ට දැලිපිහි දුන්නම ඔහොම වෙනවා .