IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර්  රථ දෙසීයක්  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට  ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කලේ යැයි කියන මහා ජාවාරමට සම්බන්ධ  එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව  අල්ලස්  හො දුෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා   හමුවේ අද (19) නඩු පැවරීය.

නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ,පරිගණක වැඩසටහන් සම්පාදක රෝහිත සමරවීර ,වාහන පැවරුම් අංශයේ නිලධාරීන් හා ලිපිකරුවන් වනඋපුල් ප්‍රියන්ත,හේමන්ත මුත්තුංග,චන්න රෝහිත,ප්‍රියංගනී සිරිමාන්න ,වාහන  ආනයනකරුවන් වන ටී බී ඊරියගම හා නලින්ද මහේෂ් කුමාර යන පුද්ගලයින් සැකකරුවන් කෙරෙමින් මෙම නඩුව පැවරීය.

2015 න් පසුව රේගුවට හොර රහසේ  ආනයනය කළ සුඛෝපභෝගී රථ  2005 පෙර ආනයනය කළ සාමාන්‍ය රථ බවට අඟවමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම, 1999 වසරේ සිට මේ දක්වා ඊට ආධාර අනුබල සැපයීම,අංක තහඩු නිකුත් කිරීම,රථ ආනයනය කිරීම ඇතුළු චෝදනා ඉදිරිපත් කරමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙ අංක 163 සමග කියවෙන 1994 අංක 20 දරණ අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය ප්‍රකාරව  වරදවල් සිදු කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පැවරීය.

අල්ලස්  දූෂණ විමර්ශන කොමිසමේ රහසිගතව බුද්ධි ඒකකය  කළ විමර්ශනයක් අනුව මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇති අතර 2015 වසරෙන් පසුව සුඛෝපභෝගී වාහන දෙසීයක් පමණ ආනයනය කර ඇති බව  කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

අදාළ වාහන රාජසන්තක කිරීමට අධිකරණය මගින් නියෝග ලබාගත් අල්ලස් කොමිසම පසුගිය සතිය වන විට වාහන විස්සක්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රාජසන්තක කිරීම සඳහා අධිකරණය මගින් රේගු  බාරයට පත් කළේය.

 



 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 300 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 784 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site