(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය නොවන බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුවට සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් දිනයක් සහ වේලාවක් වෙන්කර නොගෙන පැමිණිය ද සේවය ලැබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා අද (16) ‘ලංකාදීප’යට පැවසීය.
දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට කැමැති පුද්ගලයන්ට එම සේවය ද ලබාගත හැකි බව කී මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා එම දෙපාර්තමේන්තුවට සේවය ලබාගැනීමට පැමිණෙන කිසිම පුද්ගලයෙක් නැවත හරහා නොයවන ලෙස උපදෙස් දුන් බව ද සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යාලවල නිලධාරීන් සතියේ දින පහේම සේවයට පැමිණෙන ලෙස දැනුවත් කර ඇති බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් ඇතැම් පුද්ගලයන්ට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන්නේ යැයි ලැබුණු පැමිණිළි මත මෙම තීරණයට එළඹි බවත් නිශාන්ත වීරසිංහ කීය.
දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමය ‘කොවිඩ්’ වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් විවිධ දුෂ්කරතා පිළිබඳව අවධානය යොමුකර හදුන්වා දී තිබූ බවත් එම දුෂ්කරතා මේ වන විට මඟ හැරී විශාල පිරිසක් දින සහ වේලාවක් වෙන්කිරීමට යොමු වීමෙන් ජනතාව තව දුරටත් පහසුතාවට පත්වන බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්.එම්.වී එන්න දින-වේලාව වෙන්කිරීම අනිවාර්ය නෑ