IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් මරලා

(  සිතුම් චතුරංග)

මන්නාරම , මුරුණ්කන් අච්චන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී එක් දරු පියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනකු අද (18) අත්අඩංගුවටගත් බව මුරුණ්කන් පොලිසිය කියයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර එකම පවුලේ පියා , පුත්‍රයා , මාමා සහ බෑණා සිටින බව පොලිසිය සඳහන් කළේය.

එලෙස තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට ඇත්තේ මන්නාරම , මුරුණ්කන් අච්චන්කුලම් හි පදිංචි රත්නසිංහම් තුෂියන්දන් නැමති 25 හැවිරිදි එක්දරු පියකු වේ.

මියගිය පුද්ගලයාගේ සහෝදරයකු විසින් සැකකරුවන්ගේ පවුලේ දියණියක් වන තරුණියක සමඟ ප්‍රේම සබධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සබඳතාවට විරුද්ධවී තරුණියගේ පියා සහ සහෝදරයා ප්‍රේම සබඳතාව පැවැත්වූ තරුණයාට පහරදීම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පැවසීය.

එම පහරදීම සම්බන්ධයෙන් විමසීමට පෙරේදා(17) දහවල් පහරකෑ තරුණයාගේ වැඩිමල් සහෝදරයා තරුණිය සිටි නිවසට ගොස් ඇති අතර එහිදී තරුණියගේ පියා , සහෝදරයා , මාමා සහ මස්සිනා කෙනකු තියුණු ආයුධවලින් පහරදී ඇති බව පොලිසිය පැවසීය.

පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ හිස බරපතල ලෙස තුවාල සිදුවී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහු මන්නාරම නානට්ටාන් ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවත් පැවසීය.

         

 



අදහස් (0)

ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site