
ඩුබායි හි පැවති මැරිටයිම් ස්ටෑන්ඩර්ඩ් 2022 සම්මාන උළෙලේදී, ආයතනික සමාජ වගකීම් සඳහා වන සම්මානය, හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) හිමි විය. ආයතනික සමාජ වගකීම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකීය වරාය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය බව එම ආයතනය සඳහන් කරයි.
ඩුබායි හි අට්ලාන්ටිස් හෝටලයේ පැවති උළෙලට, සහභාගී වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීවන් ප්‍රේමසර මහතා, විසින් මෙම සම්මානය පිළිගනු ලැබීය.
හිමි කර ගත් සම්මානය, මානව සහ ගෝලීය තිරසාර භාවය සහතික කිරීම වෙනුවෙන් සැලසුම් කරන ලද මුලපිරීම් මාලාවක ප්‍රතිඵලයක් යැයි, HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවැසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. “ආයතනික සමාජ වගකීම, අපගේ උපාය මාර්ගික සංවර්ධනයේ වැදගත් කොටසක්. අපගේ ගෝලීය හවුල්කරු වන CMPort සමාගමේ ආයතනික සමාජ සත්කාරක ශාඛාව වන, චයිනා මර්චන්ට්ස් පදනම මේ සඳහා විශාල සහයක් ලබා දෙනවා මෙන්ම, ප්‍රජා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්, CMPort විසින් අපට ලබා දී තිබෙන්නේ ඉහළතම මිණුම්දණ්ඩක්. ඊට අනුකූලව, පරිසරය, සෞඛ්‍යය සහ ආරක්ෂාව, ප්‍රජා සංවර්ධනය, ආගමික හා සංස්කෘතික කටයුතු යන කුලුනු 4 යා කරන තිරසාර සැලැස්මක් යටතේ අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සකස් කර ඇත. අවට ප්‍රජාවන්ගේ සහ පරිසරයේ තිරසාරභාවය හා සමව අපගේ ව්‍යාපාරික සාර්ථකත්වය ගමන් කරන බව අපගේ විශ්වාසයයි. අප ප්‍රයත්නයන් සඳහා අද ලබා ඇති ජාත්‍යන්තර පිළිගැනීම, සතුටට කරුණක්.”
අවසන් වටයට තේරුණු අබුඩාබි පොර්ට්ස් ගෲප්, එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ ඩීපී වර්ල්ඩ්, ග්ලැන්ඩර් ඉන්ටර්නැෂනල් බන්කරින්, ඉන්දියාවේ ෂිපින්ග් කෝපරේෂන්, ට්‍රයිස්ටාර් මරිටයිම් ලොගිස්ටික්ස් යන ගෝලීය සමාගම් 5 අතරින් හම්බන්තොට ජාත්‍යන්තර වරායට සම්මානය හිමි විය.
595
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආයතනික සමාජ වගකීමට හිමි ඉහළම සම්මානය හම්බන්තොට වරායට
chandima Thursday, 15 December 2022 07:13 AM
සම්මානේ චීන කෞතුකාගාරේට ගෙනියයිද.?