(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බී ලූනු, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ආනයනකරුවන් අයථා ලෙස  ලාභ උපයා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා  ආයතන පහක් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට හෙට (2) කැඳවනු ලැබ ඇත.

එම කාරක සභා හමුවට මෙසේ කැඳවනු ලැබ ඇත්තේ  වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,
පාරිභෝගික සේවා අධිකාරිය,ශ්‍රී ලංකා රේගුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව, සහ කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ දෙපාර්තමේන්තුව යන ආයතනයි.