IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආයතන හයක දූෂණ වාර්තා සීඅයිඩියට

(සුජිත් හේවාජුලිගේ)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) රාජ්‍ය ආයතන හයක දූෂණ වංචා සහ අක්‍රමිකතා  සම්බන්ධ සියලු තොරතුරු වාර්තා නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ළඟදීම භාර දීමට තීරණය කර ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සබරගමුව විශ්වවිද්‍යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහපොළ භාරකාර අරමුදල සහ  ශ්‍රී ජයවර්ධනපුර රෝහල යන ආයතන හයේ දූෂණ සම්බන්ධ  වාර්තා  මෙසේ භාරදෙන බව  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා   ලංකාදීපයට පැවසීය.

ඉහත ආයතනවල සිදුව ඇති  දූෂණ වංචා අතරින් බරපතළ කොටස්  වෙනම තෝරාගෙන මෙසේ බාර දෙන බවද ඔහු සඳහන් කළේය.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධීන් පිළිබඳව විමර්ශන ආරම්භ කෙරෙනු ඇත.

මේ අතර විවිධ ඉඩම් අක්‍රමිකතා  සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ  කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන 17 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇතැයි එහි  සභාපතිවරයා පැවසීය.

කාබනික පොහොර ගනුදෙනුවට අදාළ වාර්තාවක්ද මේ දිනවල පිළියෙල කරගෙන යන බව නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ආයතන හයක දූෂණ වාර්තා සීඅයිඩියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site