
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආයතන සියයකට ආසන්න සංඛ්‍යාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි තුන් දහසකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) කමිටුව පවසයි.
මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය ආයතන විසින් ගෙවනු ලැබිය යුතු බදු සහ දඩ මුදල් බව එම කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
එසේම කැසිනෝ ආයතන ගෙවීම පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 267 කට වැඩි යැයිද එම කමිටුව සඳහන් කරයි.
මෙම හිඟ බදු මුදල් අය කර ගැනීම මන්දගාමීවීමට අධිකරණ කටයුතු පමාවීම පමණක් නොව නිලධාරීන්ගේ ක්‍රියාකලාපයද හේතු වන බව එම කමිටුව සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.
මේ සම්බන්ධයෙන් කෝපා කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කැඳවා ප්‍රශ්න කර ඇත. එහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති හෙයින් ඔවුන් ඒ පිළිබඳව සුදුසු පියවර ගනු ඇති බවයි.
මෙම බදු හා දඩ මුදල් පියවීම සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සහිත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉන් අනතුරුව දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය බදු වෙනුවට කැසිනෝ විසින් කොමිස් මුදල් ගෙවා ඇත. එමනිසා දේශීය ආදායම් ආයතනයේ ඇති ලේඛන සංශෝධනය විය යුතුය.
රජයේ දෙපාර්තමේන්තු සතු දේපල යනාදිය කුණු කොල්ලෙට බදු දීම ටෙන්ඩර් ප්‍රතිපත්ති මත නොපිහිටා ලබාදීම, අයවිය යුතු අයවීම් පැහැර හැරීම බරපතල ව්‍යාධියක්.... ආදායම් බදු බැංකු ණය පැහැර හැරීම වැනි අවස්ථා ඇතුලු මෙවැනි අයවිය යුතු මුදල් අයකර ගැනීමට පොලිස් බලතල, දේපල තහනම් කිරීමේ බලතල, විමර්ශන බලතල හා අදාළ නිලධාරින්ට එරෙහි විනය බලය සහිතව ස්වාධීන ආයතනයක් පිහිටුවිය යුතුයි. එය පැහැර හැරීමට ඉඩහල ආයතනයටම නැවත එය අයකරගන්නා ලෙස උපදෙස් දීම ඵල රහිත දෙයක්...
රජයට නීත්‍යානුකූලව අයවිය යුතු බදුමුදල් ගෙවීම් කොතරම් පැහැර හැර ඇතිදැයි බලනවිට පුදුම සහගතයි. ක්‍රමානුකූලව බදු අයකරගැනීම සිදුනොවන්නේ දූෂිත නිලධාරීන් නිසා බව පැහැදිලියි... ඒ සඳහා නිසි ක්‍රමවේදයක් යෙදීමට නොහැකි රජයකින් ඇති ඵලය කුමක්ද? නැතිනම් රාජ්‍ය පාලකයින්ද මේවාට හවුල්දැයි සිතන්නට සිදුවේ...
පහුගිය කාලේ ටීවි එකට ඇවිල්ලා කැසිනෝ රජා එක එක පම්පෝරි ඇද බෑවා නේද!!! හැබැයි හරියට බදු ටිකවත් ගෙවලා නෑ. ඔය තමා අපේ රටේ මහ ලොකු ධනවත්තු කියා ගන්නා උදවියගේ සැබෑ පැටිකිරිය...