( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බොහෝ අමාත්‍යාංශ යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක් වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.
මේ අනුව සියලු අමාත්‍යාංශ ඇති ආයතනවල වාර්ෂික වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බොහෝ බොහෝ ආයතන සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම පැහැර හරින බවට මන්ත්‍රීවරු රැසක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී චෝදනා කළහ. අගමැතිවරයා ඉහත උපදෙස් ලබා දුන්නේ ඉන් අනතුරුවය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
එම උපදේශක කාරක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 24 වැනිදා පැවැත්විණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආයතන රැසක් මැතිසබයට වාර්තා දීම පැහැර හැරලා
මහමුදළි Monday, 27 March 2023 07:14 PM
අමාත්‍යාංශ යටතේ ඇති ආයතන නම් අමාත්‍යාංශ ලේකම් ප්‍රධාන ගණන් දීමේ නිළධාරින් ලෙසට සම්පූර්ණයෙන්ම වගකිවයුතුය ඔවුන්ට වැටුපට අමතරව විශාල දීමනාවක් දෙන්නෙ එම වගකීම දැරීමට තමයි එහෙම වගකීම පැහැර හැරීම වෙනුවෙන් විනයානුකූලව කටයුතු කරන්න ඕන