IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආයතන තවත් හයක ලොක්කෝ කෝප් කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )


විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු තවත් ආයතන හයක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් )  හමුවට කැඳවීමට නියමිතය.

කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවීමට නියමිත සෙසු  ආයතන වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල සහ  ඇල්කඩුව ප්ලාන්ටේෂන්  සමාගමයි.

මේ අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධානීහු අද(19)ද, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ  ප්‍රධානීහු හෙට(20)ද කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධානීහු අනිද්දා(21)ද ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධානීහු ලබන මස 3 වැනිදාද   ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීහු ලබන මස 4 වැනිදාද  ඇල්කඩුව ප්ලාන්ටේෂන්  සමාගමේ ප්‍රධානීහු  ලබන මස 6 වැනිදාද  කෝප් කමිටුව හමුවට  මෙසේ කැදවෙති.
කෝප් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.



අදහස් (3)

ආයතන තවත් හයක ලොක්කෝ කෝප් කමිටුවට

Gon Sunakayo Monday, 18 September 2023 02:31 PM

හොයාගන්න අක්‍රමිකතා කරපු එකෙකුටවත් මේ වෙනකන් දඬුවම් කළා කියලා අහලා නෑ. නිකන් ශෝ විතරයි..

:       0       7

පැරකුම් Monday, 18 September 2023 02:55 PM

ඇයි මේ කිසිම තේරුමක් නැතිව අපේ සල්ලි සහ කාලය නාස්ති කරලා ඔය කට්ටිය නිකං වරප්‍රසාද විඳින්නේ... බැරිද රටට යහපතක් වෙන දෙයක් කරන්න... මෙච්චර කාලෙකට මොනවාද කළේ?

:       0       5

Deepal Nirosh Monday, 18 September 2023 03:48 PM

සභා තොමෝ සාමකාමීව එක්රැස්ව සතුටු සාමීචි ඇණුම් බැනුම්වල යෙදී කා බී සතුටින් විසිර ගියහ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site