( තිළිණි ද සිල්වා සහ සුජිත් හේවාජුලිගේ)
වරාය, ඉන්ධන, තැපැල් , දුම්රිය දෙපාර්තමේන්තුව හා ගමනා ගමණ මණ්ඩල සේවා ඇතුළ භාණ්ඩ හා මගී ප්‍රවාහන සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් ඊයේ (29) දින මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
රටේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අරමුණෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම සේවා සැපයීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ කරුණු ද සැලකිල්ලට ගත යුතු බව සදහන් කරනු ලැබ ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය මේකට නැද්ද…?
කොහොමද චීන මහජන බැංකුවට දුන්නු ගේම...? බැක්ලිස්ට් කළා විතරක් නෙමේ... බැංකුවේ අයට පාරට බැහැලා විරෝධය පල කරන්න තියන අවස්ථාවත් නැති කරවූවා....
දුම්රිය කලිනුත් අත්‍යාවශ්‍ය කළා නේද? දැන් ඒ පාර මොකක්ද? මිනිස්සු නොවැම්බර් සීසන් ගත්තු ගමන් ආපහු වර්ජනයකට මුල්ගල් ඇද්දීමක්ද?
මේ අයට පිස්සු...