
(සුජිත් හේවාජුලිගේ )
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම පළාත් පාලන ආයතනවල එළඹන මැයි 6 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් මේ තත්ත්වය පැන නැගී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ ඒවායේ නඩු තීන්දු අධ්‍යනය කරමින් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දැනුම් දෙන බවයි.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට බෙදා හැර අවසන් කර ඇතැයි කොමිසම පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම , ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතය.
එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවලද ඡන්දය සලකුණු කළ හැකි බව කොමිසම දැනුම් දෙයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ සූදානම් කර අවසන් බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයතන 18ක තැපැල් ඡන්දය පරක්කුයි