IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ආයෝජන මණ්ඩලයේ සියලු කම්හල් වසා දමන්න නියෝග

(විනීතා එම් ගමගේ)
 
ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත.

 
එම ආයතනවල සේවය කළ සේවක සේවිකාවන් සියුල දෙනා යුද හමුදා අධීක්ෂණය යටතේ බස් රඨ මගින් ඔවුන්ගේ නිවෙස් වෙත රැුගෙන යාමට කටයුතු කරන ලෙස ද විෂය භාර අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇතැයි ආයෝජන මණ්ඩලය පවසයි.
 
කොරෝනා වයිරසය පැතිර යාම වැළැක්වීමේ රජයේ වැඩ පිළිවෙලට සහය දැක්වීමක් ලෙස  මෙලෙස සියලූම කර්මාන්තශාලා වසා දමන ලෙස නියෝග කර ඇතැයි ආයෝජන මණ්ඩලය ස`දහන් කරයි.
 
කටුනායක, බියගම සීතාවක ඇතුළු නිදහස් වෙළ`ද කලාපවල සේවය කරන සේවක සේවිකාවන් 25000 කට අධික පිරිසක් තම ගම්බිම්වලට යාගත නොහැකිව නවාතැන්වල සිරවී සිටින බවට නිදහස් වෙළ`ද කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙන්ම, යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කම්කරු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු බලධාරින් වෙත  අද (26)දැනුම් දුන් අතර ඒ අනුව අමාත්‍යවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.
 
                ඔවුන් නිවෙස් වෙත යන තුරු පොලිසිය හා අවට පන්සල් ඇතුළු පිරිස්වල සහය ඇතිව එම පිරිස්වලට ආහාර පාන ලබා දීමට කටයුතු යොදා ඇත.
               



අදහස් (4)

ආයෝජන මණ්ඩලයේ සියලු කම්හල් වසා දමන්න නියෝග

jayath Thursday, 26 March 2020 11:16 AM

මනුෂ්‍යත්වයේ නාමයෙන් අගය කළයුතු දෙයක්.

:       0       6

lalithm Thursday, 26 March 2020 11:37 AM

ප්‍රමාද වී හෝ ගත් නිවැරදි තීරණයක්. ප්‍රධාන කර්මාන්ත පුර හැර කුඩා පරිමාණ ස්ථානවලත් එහෙම අයවලුන් ඉන්නවා. උදාහරණයක් ගතහොත් දන්කොටුවේ මාවතගම කර්මාන්තපුරය- එවැනි ස්ථානවල නවාතැන් පොලවලත් සේවකයින් කොටුවී ඉන්න පුළුවන්.

:       0       0

Chathuri Thursday, 26 March 2020 12:08 PM

මේ වෙලාවේ රටේ මුදල් හොා කන්නේ නැතිව කරුණාවෙන් වැඩ කරන්න සියලුම රාජ්‍ය නායකයින් වග බලා ගන්න. ගිය වසරේ පාස්කු බෝම්බයෙන් ගොඩක් පීඩා වින්දේ රජුටයි කවට අන්ද්යි බලය නොතිබුන නිසා. අද මේ දෙන්නගෙම කට වැහිලා. වෙනස පේනවද ? කිසිම දෙයක් නොපෙන්නුනට හොර කාලා අහුවෙන්න එපා.

:       1       56

duminda Thursday, 26 March 2020 01:15 PM

ඇයි බැරි නිෂ්පාදන කටයුතු සාමාන්‍ය ප්‍රමාණයෙන් බාගයක් කරලා...? half staff එක සේවා මුරයකට ගෙනල්ල කර්මාන්ත ටික දුවන්න. චිනේ වැඩ පටන් අරන් අපිට අමු ද්‍රව්‍ය හිග වෙන එකක් නෑ. තව සතියක් මෙහෙම ගියොත් තව අවුරුද්දකට ලංකාවට නැගිටින්න බෑ.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 301 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site