( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සුසන්ත රත්නායක මහතා එම තනතුරින් ඉල්ලා අස් වී ඇතැයි අයෝජන මණ්ඩල ආරංචි මාර්ග කියා සිටී.

ඊයේ (30) දින සිට බලපැවැත්වෙන පරිදි සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත බාර දී ඇතැයි ද පැවසේ.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිටි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙහෙයවීමේ වගකීම ස්වෙච්ඡාවෙන් භාරගත් රත්නායක මහතා සිය පුද්ගලික හේතූන් මත වසරක කාලයකට පසුව මෙලෙස ආයෝජන මණ්ඩල සභාපති ධූරයෙන් ඉවත් වූ බවද එම ආරංචි මාර්ග කියා සිටී.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු ඇරඹූ ඔහු මෙරට කීර්තිමත් ව්‍යවසායකායකි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙල් සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයාද වන්නේද රත්නායක මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ලාගේ ආයෝජන පිළිබඳ ගැටලු ඇතිවෙන්න ඇති.
මෙයා ගියා කියලා අවුලක් නැහැ සර්. ඔතෙන්ට හොඳ වැඩකාරයෙක් දායි රාජ්ය සේවා කොමිසමට වගේ.
එතුමා ඉන්න කාලේ කරපු වැදගත් කාර්යයන්..., විදේශ ඍජු ආයෝජන, විවෘත කරන ලද කර්මාන්ත ආදියත් දැනගන්න කැමතියි...
ධම්මික පෙරේරාගේ නම යෝජනා කරමි.