(යොහාන් භාසුර)
ගාලුමුවදොර අරගලකරුවන්ට පසුගිය 22 වැනිදා පහර දුන් අවස්ථාවේදී ආබාධ සහිත පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි වන සාවද්‍ය ප්‍රචාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ‘අයිතීන් උදෙසා අපි’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ඇතමුන් දරණ උත්සාහයන් හෙළා දකින බව ද එම සංවිධානයේ සභාපති නිශා ශරීෆ් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කරන්න ආබාධිත නැහැ.. ගුටිකනකොට ආබාධිතයි... අනේද කියන්නේ...?
ඔය සංවිධානයත් පටු දේශපාලන අරමුණු සඳහා වන සංවිධානයක් විය හැකියි. සාමාජිකත්වය කීයක්ද?