
(අංජුල මහික වීරරත්න)
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී සහභාගී වෙමිනි.
ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ලෙස යතුරු පැදි 50ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කි.
මෙම විදුලි යතුරුපැදි ව්‍යාපෘතිය ඔස්සේ රණවිරුවන් දිරිගැන්වීම මඟින් රණවිරු ප්‍රජාව අතර ව්‍යවසායකත්වය ඉහළ නැංවීමටද හැකි වනු ඇති බව රණවිරු සේවා අධිකාරිය අපේක්‍ෂා කරයි.
ආබාධිත රණවිරුවන් සඳහා තවත් විදුලි යතුරුපැදි 76ක් මිලදී ගැනීමට මුදල් වෙන් කරන බවද පැවසූ ජනාධිපතිවරයා, වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉහළින්ම කැපවී සිටින බව සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2002-2004 මෙයාට සෑහෙන්න රණවිරු උණක් තිබ්බා. මෙයා කොටින්ට කොච්චර සැළකුවද කියනවා නම් කොටි කෑම්ප් ඉස්සරහට ආමි එකේ කොල්ලොන්ට සරම උස්සල පෙන්නල ගිය අවස්ථා තිබ්බා. විශේශයෙන් මිලේනියම් සිටි මහා පාවාදීම මගින් බුද්ධි අංශෙ විනාශ කරා. දැන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්නෙ
යතුරු පැදි 50ක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කි. තවත් විදුලි යතුරුපැදි 76ක් මිලදී ගැනීමට මුදල් වෙන් කරන බව පවසා ඇත. ඔක්කොම මුදල ඩොලර් වලින් 143,000/=. මේ දේශපාලුවෝ සහ රටේ ජනතාව ජීවතුන් අතර ඉන්නෙ මේ රණවිරුවෝ නිසා. හැබැයි, අපි ලෝකෙට නැව් අරිනවා, ගාසා වලට ඩොලර් මිලියනයක ආධාර දෙනවා, අපේ රණවිරුවෝ තාමත් අබාදිතව අසරණයි...ඒ වුණාට කියන්නෙ "රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉහළින්ම කැපවී සිටින බව".....
වාව්, කොහොමද සාගල වාඩිවෙලා ඉන්නේ . නයිස් හි හී ...........
අහිංසක රණවිරුවන්ගේ ඡන්දය බලාගෙන, මේ හොරුන්, මිනීමරුවන් රටේ ජනතාවගේ බදු මුදල් වලින් ලබාදෙන මේ ද්‍රව්‍ය ඕන දෙයක් ප්‍රතික්ෂේප නොකර ලබාගන්න. හැබැයි ඡන්දෙ දෙනකොට ඡන්දෙ නොදී ඉන්න...