(ඩයනා උදයංගනී)

රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම සහන සලසන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

එමෙන්ම ඇතිවිය හැකි ආපදා තත්වයන්ට මුහුණදීම සඳහා පූර්ව සූදානම් ඇතිව කටයුතු කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාට සහ , දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් නිකුත් කර තිබේ.