
(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම්වලින් නිවාස 986කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක පවුල් 3,037 කට අයත් 12,829 දෙනකු පීඩාවට පත්ව ඇති අතර, පීඩාවට පත්වූවන් අතරින් අවතැන් වූ පවුල් 480 කට අයත් 2,313 දෙනකු ආරක්‍ෂිත ස්ථාන 15 ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
රත්නපුර, නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොඩ, කෑගල්ල, මාතලේ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවල ජනතාව මෙම තත්වයෙන් පීඩාවට පත්ව සිටින අතර, ගං වතුර හා නායයෑම් හේතුවෙන් මරණ හතරක් සිදුව තවත් අයකු අතුරුදන්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙම ආපදා තත්වයේ බලපෑමෙන් එක් නිවසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කයන්ටය.
ජල ගැලීම් හා පස් කඳු කඩාවැටීම් හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයන්හි මාර්ගවල ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇත.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආපදා තත්වයෙන් නිවාස 986 කට හානි