IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආපිකෝවෙතින්‘NewSuper Cool මෙට්ට’

ශ්‍රීලංකාවේ ෆෝම් මෙට්ට කර්මාන්තයේ පුරෝගාමියා වන ආපිකෝ, ‘Arpico නිව් සුපර්කූල් ’(Arpico New Super Cool) නමින් නවතම මෙට්ටයක් පසුගියදා වෙළඳ පොළට හඳුන්වා දුන්නේය.

ඒ වෙනුවෙන් පැවැති උත්සවයේදී රිචඩ් පීරිස් සහ සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා විසින් New Super Cool මෙට්ට නිල වශයෙන් හඳුන්වාදීම සිදු කරන ලදී.

අතිනවීන තාක්ෂ ණය හා සැලසුම් අනුව ලේයර හතරක්, එනම් දෙපස quilted soft ෆෝම්ලේයර දෙකක් Coolfoam ලේයරය සහ ලේටෙක්ස් මිශ්‍රිත හාඩ් ෆෝම්ලේ ලේයරයක් සහිතව, සුව පහසුවක් ගෙනෙන ලෙසින් නව ආපිකෝ සුපර්කූල් මෙට්ට නිෂ්පාදනය කර ඇතැයි එම සමාගම සදහන් කරයි.

මෙහි අන්තර් සම්බන්ධිත  සිදුරු සහිත ෆෝම් ලේයරය මගින් නැවුම් සිසිලසක්ද ලේටෙක්ස් සහිත හාඩ්ෆෝම් ලේයරය මගින් විවේකී, සුවපහසු සහ සෞඛ්‍ය සම්පන්න - නින්දක අත්දැකීමක්ද සහතික කරන බව ද එම සමාගම සදහන් කරයි. 

“ඵලදායී හා නිරෝගීමත් ජීවිතයකට ගුණාත්මක නින්දක් අත්‍යවශ්‍යයි. නින්දට හා විවේකයට අලුත් අර්ථයක් ලබාදෙන අපගේ නවතම නිෂ්පාදනය වන නව සුපර්කූල් මෙට්ට හඳුන්වාදීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය, නවෝත්පාදනය ඔස්සේ පාරිභෝගිකයන්ට උපරිම සුපහසුව සලසමින්, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අපදරන උත්සාහයේ නවතම පියවරක් ලෙස හැඳින්විය හැකියි. අපගේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ දැක්ම යටතේ අපක්‍රමෝපායි කතාක්‍ෂණික දියුණුව තුළින් නවෝත් පාදන සහ පාරිභෝගික විශිෂ්ටත්වය ඒකාබද්ධ කරමින් පාරිභෝගික අත්දැකීම පරිවර්තනයකට ලක් කරමින් සිටිනවා.

මේ ඉදිරිගමනේ පෙරමුණ ගනිමින්, බලාපොරොත්තු වන මට්ටමටත් වඩා විශිෂ්ට සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපගේ ඉලක්කයයි.

”රිචඩ් පීරිස් සහ සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා පැවසීය.

Arpitech (පුද්.) සමාගම මෙරට Polyurethane foam සහ spring මෙට්ට, ෂීට්, කුෂන්, සහ Siliconized Fiber කොට්ට සම්බන්ධ දශක ගණනක පළපුරුද්ද සහිත ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි.

ISO 9001-2015 සහතික කරණය හිමි ආපිකෝ, සිය Arpifoam නිෂ්පාදන සඳහා SLS ප්‍රමිතිය අනුගමනය කරයි.

Arpitech සමාගම පන්නරය ලබන්නේ, දශක 9 කට අධික ඉතිහාසයක් හිමි තම මවුසමාගම වන රිචඩ් පීරිස් සහ සමාගම තුළිනි. ඉහළ වාර්ෂික පිරිවැටුමක් සහිත එය කොළඹ කොටස් වෙළඳ පොළේ ලැයිස්තු ගත වී ඇති විශාලතම සමාගම්අ තරින් එකකි.

595



අදහස් (0)

ආපිකෝවෙතින්‘NewSuper Cool මෙට්ට’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site