
(යොහාන් භාසුර)
රජය රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනය තහනම් කිරීම හේතුවෙන් 50,000 ක් පමණ වන රූපවන්‍යාගාරවලින් සියයට 90 ක් වැසී යෑමේ සහ ඒවායේ රැකියාව කරන ලක්‍ෂ 4 කට අධික පිරිසෙන් සියයට 80 ක පමණ රැකියා අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව රූපලාවන්‍ය සහ කේෂ අලංකරණ ශිල්පීන්ගේ එකමුතුවේ සභාපති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපෝන්සු මහත්මිය පැවසුවාය.
රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තහනම ඉවත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මීට සති තුනකට පමණ පෙර ඉල්ලීමක් කර සාකච්ඡා කීපයක් ද පැවැත්වුවද මේ දක්වා තහනම ඉවත් නොකළ බව කී ජැකි අපෝන්සු මහත්මිය එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට යෙදෙන වැඩ අධික සමයට රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ලබාගැනීමට නම් අද හෙටම ආනයන තහනම ඉවත්කළ යුතු බව ද සඳහන් කළාය.
රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනයට දින 45 ත් 60 ත් අතර කාලයක් ගතවන බවත් රජය ඉතාමත් ඉක්මණින් මේ පිළිබඳව අවධානය යොමුකරනු ඇති බවට විශ්වාස කරන බවත් අපෝන්සු මහත්මිය වැඩි දුරටත් කීවාය.
රූපලාවන්‍ය ක්ෂේත්‍රය පත්ව ඇති අසීරු තත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹදී අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජැකි අපෝන්සු මහත්මිය එසේ පැවසුවාය.
එම මාධ්‍ය හමුවේදී ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී බර්නි බාලසූරිය මහත්මිය පැවසුවේ මෙම තත්වය හේතුවෙන් රූපලාවන්‍ය පාඨමාලා ද ඇනහිට ඇති බවත් ඒ හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විදේශ රැකියාවට යෑමට ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුවිසල් ගෙවල් ලඟ තියෙන පාරවල්වල කාණු දිගේ හැමදාම උදේට ගලායන වතුර අපි දකින්නේ බොර සුදු පාටටය... හේතුව ඒ ගෙවල්වල ඉන්න කාන්තාවෝ දාගෙන හිටිය රූපලාවන්‍ය හෝදන්නේ හැමදාම රෑටය. හිතාගන්න පුලුවන් නේද " එම්බාම්--ප්‍රී-ෂූට් " කරන සෙනඟක තරම...! හැබැයි ඒ රූපලාවන්‍ය දාගත්තු රූපයේ මූන දිහා බලලා උරහිසේ ඉඳලා අත්දෙක දිහා බැලුවහම පේනවා මූණට 'උලලා' තියෙන තරම.. පොත්තේ නියම පාට!
හොද වැඩේ !!! ගෙවල් වල ගෑනුන්ගෙන් දැන් කනක් ඇහිලා හිටිය හැකි
විශේෂයෙන්ම අපේ නාගරික කාන්තාවෝ මොන තරම් බැරි අමාරුකම් මැද්දේ උනත් "සැලෝන්" යාම අතාරින්නෙ නැහැ. දුරකථන කතාවත් එහෙමයි. පිරිමි පක්ෂය වයින් ෂොප් පෝලිමේ ඉන්නවා වගේ. ඒ නිසා ඔය සංගමේ ඉන්න නෝනලා මහත්තුරු වැඩිය කලබල වෙන්න දෙයක් නැහැ.
මෙච්චරකල් රට මේකප් කරලා තමයි ජනතාවට පෙන්නුවේ. ඔන්න මේකප් හේදිලා ගියාම රටේ නියම තත්වය අපි දකිනවා. ඒ නිසා මේකප් වලින් රවටන්නේ නැතුව නියම ස්වරුපයෙන් පෙනී සිටින්න.
මිනිස්සුන්ගෙ එදා වේලා කන්න බඩු ගනන් ගැන කල්පනා කරන්න. මේ ගොල්ලෝ ගැහැණුන්ගේ හම සුදු කරන්නේ කොහාමද කියලා දඟලනවා.
රටට අනවශ්‍ය තවත් දෙයක්. තරුණයෝ ත්‍රීවීලර් පදිනවා වගේ තරුණියෝ මේ තැන්වල වැඩකරන්නේ. හැම හන්දියේම හතු පිපිලා වගේ තියන මේවා වැඩි හරියක් වැහුණාට කමක් නැහැ.
මේක්අප් දාලා ඉන්නකොට හරි ලස්සනයි. දෙපාරක් බලන්න හිතෙනවා. සමහරක් අය ටයර් ගොඩක් වගේ පේනවා.
රූපලාවණ්‍ය ද්‍රව්‍ය ටිකක් හෝ ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරිද? ජනාධිපතිතුමා ලංකාවට ආනයනය කරන මේවා නිෂ්පාදනය කරන්න කියලා කර්මාන්ත ඇමැතිට උපදෙස් දෙන්න. නැත්නම් විදේශ ආයෝජකයින් ගෙන්වා නිපදවීම කරන්න.
කන්න නැති වෙලේ මොන කොස්මෙටික්ස්ද? පිස්සු හැදිලා මේ අයට...!