
(මහින්ද නිශ්ශංක)
ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසති.
පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත පසුගිය 7 වැනි දා කළ දැනුම් දිමට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 260 ඉහළ යනු ඇතැයි ද ඔවුහු කියති.
ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ යාම සහ ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම හේතුවෙන් ආයනයන කිරිපිරි මිල වැඩිකිරීමට සිදුව ඇතැයි එම සමාගම් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිපිටි ගෙන්වීම තහනම් කරලාම දාන්න. කිසිසේත්ම අවශ්‍ය දෙයක් නෙමෙයි...
ජනාධිපතිතුමනි, මෙහෙම මිල වැඩි කරනකොට අපේ දරුවෝ හාමතේ මැරෙනවා. ඔබතුමා අසංවේදී පාලකයෙක් වෙලා.. මිනිස්සු මැරී නොමැරී ජීවත් වෙන්නේ, ඔබතුමාට ඒක තේරෙන් නෑ.. දැන් ඇති මේ රටේ ඔබ ජනාධිපති වූවා... අපිට තවදුරටත් මෙහෙම දුක් විඳින්න බැහැ.
සර් මීට වඩා අපිට එළදෙනකුයි, පට්ටිගොනෙකුයි දෙන්න බැරිද?
දැන් සැපද?
කිරිපිටි පැකට් එකක් රු.800/- කට ගියා එහෙනම් .. අගෙයි අගෙයි හරිම අගෙයි. අපි තමයි හොඳටම කරේ ..
මොනවා කරනවද මන්දා? දැන්නම් එපාවෙලා තියෙන්නේ... ආයෙත් කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ. මමත් ඡන්දෙ දුන්නා තමයි. මොල 7 නිසා අපෙත් ඔලු නරක් වෙලා. එදාවේල සරිකරගන්න දඟලපු මිනිස්සුන්ට මොනවා වෙයිද දන්නේ නැහැ... අපිත් හොඳටම අඩියටම වැටිලා...
කිරිපිටි නොබිව්වා කියලා මැරිච්ච කෙනෙක් ගැන මම නම් අහල නෑ...
කිරි නොබීපු කෙනෙක් ඉන්නවා කියලා මම නම් අහලා නෑ ...