(අජන්ත කුමාර අගලකඩ)
විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
මෙරට විදේශ සංචිතවලට වන බලපෑම ඉදිරි කාලයේ දී තවදුරටත් පීඩාකාරී වන බැවින්,මෙම ආනයන සීමා කිරීම කඩිනමින්ම කළ යුතු බවද මහ බැංකුව දන්වා තිබේ.
ඉන්ධන ,ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් අවශ්‍ය බැවින්,අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය දැඩි ලෙස සීමා කරන ලෙස මහ බැංකුව දැනුම් දී ඇත.
ඒ අනුව , මහ බැංකුව ආනයනය සීමා කළ යුතු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලැයිස්තු තුනක් මුදල් අමාත්‍යාංශයට ද යවා ඇති අතර, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග දෙදහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ඊට ඇතුළත් වන බව ද වාර්තා වේ. මේ අතර ,විවෘත ගිණුම් ක්‍රමය සහ භාණ්ඩ විකිණීමෙන් පසුව මුදල් ගෙවීමේ පදනම යන ගෙවීම් ක්‍රම යටතේ භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කරන ලෙසද මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිගනක,ෆොන්ස්,එක්ස්පෙන්සිව් ටිවිස්, මිල අධික වින්ඩෝ බේස් සොප්ට්වෙයර්, ලක්සිරිි ජුවලරස් පර්පියුම් මෙිවා ඔක්කෝම නවත්තන්න ඕනේ. පාලනයක් ඇතුව ඒ එක්කම මේවා මේ නිශ්පාදනයට උත්සහා කරන්න ඕනේ.ලංකාවෙි ගොඩක් කම්පැනි කරන්නේ පිට රටින් බඩු ගෙනල්ලා මේ විකුණන එක, අනික මේ ලොකු කම්පැනි වල වැඩ කරන්නේ බොහෝම ටිකයි රජයේ වගකීම තමයි 100 ඉන්නව නම් 35 ක් වැඩ 65 ක් විධාන දෙන්න විතරයි ඉන්නේ.මේවත් හරියට මැනේජ් වෙන්න ඕනේ.
ඉතාම හොඳ තීරණයක්..., ඇත්තටම සියලුම රටින් ගෙන්වන පලතුරු වර්ග හා කෑම වර්ග තහනම් කළයුතුයි...
ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ අතිබහුතරයක් සීමා කරල තමා තියෙන්නේ. ඒ විතරක් නෙමේ අත්‍යවශ්‍ය ඖෂධ කෑම බීම පවා ආනයන සීමා වෙලා තියෙන්නේ. ඒකට හේතුව ්‍රී ලංකා මහ බැංකුව හා එහි මහ බැංකු අධිපති අත්තනෝමතික ලෙස රෙගුලාසි වලින් විදේශ විනිමය අනුපාතය පාලනය කරලා තියෙන්නේ. ඒක නිසා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන්නේ නෑ. මේ අවස්ථාවේදී කළ යුත්තේ ඉල්ලුම හා සැපයුම මත විදේශ විනිමය තීරණය කිරීමයි. විදේශ විනිමය සැපයුමේ දී යවශ්‍ය භාණ්ඩ වලට ප්‍රමුඛතාව දිය යුතුයි. කවදාවත් මේ කෘතිම ක්‍රම වලින් මේවා පාලනය කරන්න බෑ. මහ බැංකු අධිපති ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙක්, ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශාල වැටුපක් හා ිශ්‍රාම වැටුපක් ලබනවා, නමුත් කිසිම සාධනීය සේවාවක් වෙන්නෑ..
කොච්චර කිව්වත් සුපිරි වෙළෙඳ පොළේ ඕන තරම් රට බඩු පුරවලා. මේවා ගන්නත් මිනිස්සු කණ්ඩායමක් සල්ලි වියදම් කරනවා. ඒවා ගේන්න කොහෙද ඩොලර් තියෙන්නේ කියලා හිතා ගන්න බැහැ.
මෙතන හුරේ දාන මිනිසුන්ට නොතේරෙන දෙයක් තමයි ඔය භාණ්ඩ තහනම් වෙන්නේ අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට විතරයි කියලා, රනිල් හාමුලට , මහින්ද හාමුලට ඕවා හැමදෙයක්ම පෙරපරිදි නොඅඩුව ගෙන්වල දෙනවා.
ගස් ලබු, අඹ, පේර, අපෙ ඇඹුල් කෙසෙල්, අන්නසි තියෙද්දි රටින් ඇපල්, මිදි ම හොයන අයට හොඳම වැඩේ. එහෙම වෙන්න ඕන.