(අංජුල මහික වීරරත්න)
ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඊට අදාළව නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අරමුණින් රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බව කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ඓතිහාසික බෝධිය වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට අද (20) සහභාගී වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරොම්බල් බඩු, මඤ්ඤොක්කා, බතල, එළවළු ආනයනය කිරීම නවත්තන්න. බෙහෙත්, සෞඛ්‍ය උපකරණ, වාහන අමතර කොටස් වැනි අත්‍යාවශ්‍ය භාන්ඩ පමණක් ගෙන්වන්න. විදුලි බිල නැන්වීම නිසා කර්මාන්ත වැසී ගියා.. ඉතින් කොහේද ලොක්කා අපනයනය හරි යන්නේ?
රට කරගෙන යන්න බෑ නේ, දාලා යන්නකෝ කූඩැල්ලෙක් වගේ එල්ලීගෙන ඉන්නේ නැතුව, කරගන්න පුළුවන් කෙනෙකුට රට දීලා.. වැල් බයිලා ගහන්නේ නැතුව, මඟුල මහා වදයක් වුණානේ මේක...
වයස 70 වෙනකල් රනිල්ට නොතිබුණු මොලේ දැං AI වලින් සපුරා ගෙන දින පතා පොර ටෝක්ස් දෙනවා. රනිල්, සජිත්, අනුර මේ සියල්ල කරන්නේ වචන හරඹය පමණයි. රට දියුණු කරන ප්‍රායෝගික සැලසුම් නෑ.
අප්පා.අපි හිතුවේ 2048 දී අපේ රට සංවර්ධිත රටක් කියලා.නාකි පඩංගු මේ කියනවා මේ මතක නැහැ
ඊට අමතරව දැන් වගේ ණය ආපසු නොගෙවා ඉන්නත් ඕනද ?
එහෙම කියන ඔබතුමාම නැවතත් වාහන ගෙන්වීම සදහා අවසර දෙන්න හදනවා කියලා ආරංචියක් ලැබුනා එහෙම කරන්න ගොයොත් ඔය කියනදේ කොරන්නෙ බැරිවේවි
යලි බංකොලොත් කියා කියන්නේ ඇයි ?රට තවමත් හොඳටම බංකොලොත්.ලබාගත් මහ ණය කන්දරාවවත් කලට වෙලාවට ගෙවාගන්න තබා ගෙවීම හිතාගන්නවත් බැරි තත්වයක රට තිබෙන්නේ .මේ ලෙස සත්‍ය ප්‍රකාශ කරන්න
එළවළු ,මාලු,සහල් වගේ ඒවා මෙන්ම සරුංගල ප්ලාස්ටික් සෙල්ලම් බඩු,දේවලුත් ලංකාවට ගෙන්වීම ගෙවීමට තියෙන ණය ගෙවා අවසන් වෙනතුරුම නවතන්න ඊළඟට අපනයනය කරන්න පුළුවන් දේශීය දේවල් ප්‍රවර්ධනය සදහා දිරිගැන්වීම කරන්න ලංකාවට වාහන ගෙන්වීමෙන් විශාල ධනයක් නාස්ති වෙනවා අධිවේගී මාර්ග හැදීම වෙනුවට (කොමිස් කුට්ටිය සදහා මහාමාර්ග හා අධිවේගී මාර්ග හැදිම කරනවා) රට පුරා විහිදුණු දුම්රිය මාර්ග පද්ධතියක් හදා දුම්රිය ස්ථාන සම්බන්ධ කර පොදු ප්‍රවාහනය දියුණු කරන්න එහෙම කලොත් නාස්තිය අවම වෙනවා ඉන්ධන පාවිච්චිය අඩුවෙලා රටේ මුදල් වෙනුවෙන් පිටරටට ඇදීයන මුදල් ඉතිරි වෙනවා
දැන් අපිද රට පාලනය කරන්නෙ? වසර දෙකක් පුරා බිත්තරෙත් ඉන්දියාවෙන්. රටේ නිෂ්පාදනය කළ හැකි (කොස්ස, ඉදල ඇතුළුව) බොහෝ දේවල් චිනගෙන්. රටේ ආර්ථික මර්මස්ථාන කුණුකොල්ලෙට ඉන්දියාවට විකුණලා ඒවායේ වාර්ෂික ලාභාංශ ඩොලර් කරලා පිටරට පටෝනවා. දැන් රටේ ජනතාව කිව්වද මෙහෙම කරල ආනයන-අපනයන පරතරය පියවා ගන්න කියල ??
ඕක තමයිනේ බන් මේ ප්‍රශ්නෙට මුල .ඕක උඹලට කවදාවත් කරන්න බැහැ .නිෂ්පාදනයක් නොකර සහ විදේශයන්ට සේවා විකුනන්නේ නැතුව
අමුතුවෙන් බන්කොලොත් වෙන්න දෙයක් නැහැ. බලයේ හිටපු දූෂිත දේශපාලුවෝ රටම, හොරාකා, බන්කොළොත් කරලා හමාරයි. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම රෙද්ද පල්ලෙන් බේරෙනවා...