IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආනයන අදේශන කර්මාන්තශාලාවක් රඹුක්කනදී අරඹයි

ආයෝජන මණ්ඩලයේ පහසුකම් ලද ග්‍රෑන්ඩ් ග්‍රේන් ඉන්ඩස්ට්‍රිස් ලිමිටඩ් සමාගම කාන්තාවන් සඳහා සුවිශේෂී වූ බ්‍රෙෂියර් නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලාවක් මෑතකදී ආරම්භ කරන ලදී.  මෙම කර්මාන්තශාලාව තුළ කාන්තා ඇඟලු‍ම් නිෂ්පාදනයේ නවතම පර්යේෂණ  සිදුකරනු ලබන අතර ඒ සඳහා ලොව භාවිතා කරනු ලබන නවතම තාක්ෂණික ක්‍රමවේද  සහ උපකරණ භාවිතා කරනු ලබයි.

මෙම කර්මාන්තශාලාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත කරන ලද ආයෝජනයක් වන අතර එමගින් ප්‍රදේශයේ  තරුණ තරුණියන් සඳහා රැකීරක්ෂා 600ක්  පමණ ලබාදීමට බලාපොරොත්තු  වන බව එම ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.  

මෙම ආයතනය ඇඟලු‍ම් නිෂ්පාදනයට අවශ්‍ය කරන අංගෝපාංග  සකස් කොට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඟලු‍ම් නිෂ්පාදන ආයතන දෙකක්  වන බ්‍රැන්ඩික්ස් සහ මාස් හෝල්ඩින්ස් සමාගමත් සමග සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එමගින් පිටරටට ඇදී යන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රට තුළ ඉතුරු කිරීමට හැකි වන බවත් තවදුරටත් සඳහන් කරන ලදී. මෙම ආයතනයේ ප්‍රධානතම කර්මාන්තශාලාව චීනයේ පිහිටා ඇති අතර එමගින් වසරකට මිලියන 25ක් පමණ කාන්තා ඇඟලු‍ම්  සම්බන්ධ නිෂ්පාදන කොටස් ලෝක වෙළඳපොළට නිකුත් කරනු ලබයි. 

මෙම නව කර්මාන්තශාලාව මගින්  වසරකට මිලියන 6ක් පමණ කාන්තා ඇඟලු‍ම් සඳහා අවශ්‍ය කරන ඇඟලු‍ම් කොටස් (Bra Cups) නිෂ්පාදනය කිරීමට  බලාපොරොත්තු වේ.

595



අදහස් (0)

ආනයන අදේශන කර්මාන්තශාලාවක් රඹුක්කනදී අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site