
(අංජුල මහික වීරරත්න)
නීතිඥ ඝාතන ඇතුළුව රටේ නීතිය හා සාමය පිරිහීමට වගකිව යුතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂය මෙසේද කියයි.
වර්ෂ 2026 පෙබරවාරි 13 වැනි සිකුරාදා මහ දවල් නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය ආසියාවේ බටහිර පදනම් කරගත් පැරණිතම නීති පද්ධතියේ අඛණ්ඩතාවයට එක එල්ලේම බලපායි. එය දැනටමත් ඝාතන ගණනාවකින් සොලවා ඇති නීතිය හා සාමය පවත්වාගෙන යාම කෙරෙහි දැවැන්ත අහිතකර බලපෑමක් ද ඇති කරනු ලැබේ.
ඇමරිකා මහාද්වීපයේ නීතිඥයින් ඝාතනය කිරීම සහ නිරන්තර මරණ තර්ජන හේතුවෙන් මෙක්සිකෝවේ එක් දිස්ත්‍රික්කයක නීති කාර්යාල වලින් 70% ක් වසා දමා ඇත. ඉක්වදෝරයේ නඩු පවරන්නකු සහ පෝර්ට් ඕ ප්‍රින්ස් නීතිඥ සංගමයේ සභාපතිවරයා ඝාතනය කෙරිණි. ජාවාරම් කල්ලි වෙනුවෙන් පෙනී සිටින බොහෝ නීතිඥයෝ තර්ජනයට ලක්ව සිටිති. ඒ හා සමානව, බ්‍රිතාන්‍යයේ, කොලොම්බියාවේ නීතිඥයින්ට බරපතල ශාරීරික හානි සිදු කරන බවට තර්ජනය කර ඇති අතර, බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ නීති සංගමය මෑතකදී සාමාජිකයින්ට තර්ජන එල්ල වුවහොත් පොලිස් සහාය ලබා ගන්නා ලෙස උපදෙස් දෙමින් නිවේදන නිකුත් කළේය.
ශ්‍රී ලංකාවේ මේ ඝාතන සිදු වූයේ, නීතිඥයකු සහ පොලිස් නිලධාරියකු අතර ඇති වූ ආරවුලේදී පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ට පක්ෂග්රාහී පියවර ගත් පසුබිමක ය. මේ අවස්ථාවේදී, එනම් සිද්ධියෙන් පැය දෙකක් ඇතුළත පොලීසිය පරීක්ෂණයකින් තොරව ප්‍රකාශ කළේ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් සිදු කරන ලද බවය.
මෙය පසුගිය වසරේ දැඩි ලෙස දේශපාලනීකරණය වූ පොලිසියේ පරීක්ෂණ සිදු කිරීමට ඇති හැකියාව හෝ කැමැත්ත හෝ පිළිබඳ ප්රශ්නය මතු කරයි. තවද, පසුගිය වසරේ ද එවැනිම සිදුවීම් ගණනාවක් වාර්තා වූයේය. වැඩිවන ප්රචණ්ඩත්වය වැලැක්වීමට විෂය බාර අමාත්‍යවරයා අපොහොසත් වී ඇත. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණයේ උච්චතම අවස්ථාවට පත්ව ඇති නිසා අපක්ෂපාතී පරීක්ෂණයක් ඔවුන් සිදු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.
මෙම තත්ත්ව යටතේ, එක්සත් ජාතික පක්ෂය වහාම ගත යුතු තීරණාත්මක ක්‍රියාමාර්ග කිහිපයක් පෙන්වා දෙයි.
මේ ඝාතන ඇතුළුව නීතිය හා සාමය පිරිහීමට වගකිව යුතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ යුක්තිය නීතිය සාදරනය විනාශ කරලා අදිකරණය පවා දේසපාලණීකරණය කරපු දූෂිත දේසපාලුවෝ හිටපු කාලේ කටවල් පූට්ටු කරගෙන හිටපු අයට දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ?
ඇයි එහෙම කියන්නේ, රට බංකොළොත්වෙලා තියෙනකොට කෝටිගාණක් වියදම් කරල පුද්ගලික සංචාර ගිහිල්ලවත්ද ...?
මේවා දැක්කම හිතෙනවා මේ අය පහුගිය කාලෙ කෝමා වෙලද හිටියේ කියලා
ඔබලා රටතුළ නොකරපු ඝාතනයද? ස්ත්‍රී දූෂණ වරදකට අධිකරණයෙන් දඬුවම් පනවපු මහා පරිමාණයේ අපරාධකරු ගෝනවල සුනිල්ට පවා සමාව දීලා, ඔහුට මුළු දිවයිනටම සාම විනිසුරු පදක්කම දීලා, ඔබලාගේ පක්ෂයේ වත්මන් නායකයාගේ සම්බන්ධිකරණ ලේකම් හැටියට පත් කළා. උඹලා එදා ශිරන්තිගෙන් කට උත්තර ගත්තේ එවකට කතානායකයාගේ නිල නිවසේදී, එදා විමල් වීරවංශව ගුවන්තොටුපොලෙන් නිදහස් කරන්න ඔබලාගේ නායකයා ප්‍රසිද්ධයේ පෙනී සිටියා. ඔබලාට සදාචාර අයිතියක් තියනවාද මෙහම ඉල්ලීමක් කරන්න...?
නීතීඥයෝ දෙන්නෙක් මැරුණාම කලබල වෙලා? එතකොට සාමාන්‍ය ජනතාව කොච්චර මැරිලා තියෙනවද? කෝ කවුරුත් අයින් වෙලා තියෙනවාද? UzNP එකෙන් 65000 ක් මැරුව කව්රුවත් අයින් වුණාද? අඩුමගානේ නඩුවක් දැම්මාද? තමන්ට කරුමය කැරකෙනකොට තමයි කලබල වෙන්නේ...
ඒයි ඒයි පොඩ්ඩක් ඉදපල්ලා,පාස්කු ප්රාහාරය වෙනකොට ඔබලා නේද ආණ්ඩු කෙරුවේ. එදා ඔබලාගෙන් කව්ද ඉල්ලා අස්වුනේ ?