
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ගැරී ආනන්දසංගරී මහතාට අමාත්‍ය ධුරයක් හිමිව තිබේ.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගැරී ආනන්දසංගරී මහතා අමාත්‍යවරයකු ලෙස පත් කර ඇත.
ගැරී ආනන්දසංගරී යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වීරසිංහම් ආනන්දසංගරීගේ පුත්‍රයාය.ඔහු ප්‍රථම වරට 2015 වසරේදී මන්ත්‍රීවරයකු ලෙස කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.
ගැරී ආනන්දසංගරී මහතා 1983 වසරේදී සිය මව සමඟ කැනඩාවට සංක්‍රමණය වී තිබේ.
නව අමාත්‍යධුරය යටතේ ස්වදේශික ඉන්දියානුවන් සම්බන්ධයෙන් වන ඉන්දීය පනත සහ අනිකුත් පනත් බලාත්මක කිරීමේ වගකීම ගැරී ආනන්දසංගරී මහතාට පැවරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට ඇනයක් ඉතිං
සුභාසිංශන .මේ ගූ වලේ ගූ නානවට වඩා ඔබ කැනඩාවට ගිය එක සුපිරි .සුභ පැතුම් .මිස්ටර් සංගරී
ආනන්ද සංගරී මහතා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට ආව වැදගත් දේශපාලකයෙක් ,ත්‍රස්තවාදයට විරුද්ධ උන කෙනෙක්
gari සංගරී ගේ අමාත්‍යධූරය ශ්‍රී ලාංකිකයෙකුට හෝ කැනඩාවේ වෙසෙන අපට හෝ උදම් ඇනීමට කාරණයක් නොවෙයි. කැනඩාවේ සිටින කොටි ක්‍රියාකාරිකයෙකු වන ඔහු මෑතකදී කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව කරන ලද ප්‍රකාශය සඳහා මුල් වූ පුද්ගලයා වෙයි. ශ්‍රී ලංකාවට විරුද්ධව කැනඩාවේ සිදුවන සියලු ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ ගැරී සංගරී නැමැති පුද්ගලයාය. මෙම අමාත්‍ය ධුරයත් සමග ඔහු තවත් බලවත් වන අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහ රජයට පසුපස පන්නමින් පහර දීමට ඔහුට හැකියාව ලැබෙනු ඇත. අප විසින් කළ යුතුව ඇත්තේ අමාත්‍යධූරයක් ලබාදීම පිළිබඳව කැනේඩියානු රජයට කණගාටුව ප්‍රකාශ කිරීමත් ඔහුගේ කොටි ත්‍රස්තවාදී ක්‍රියාවලිය ලොවට හඬගා ප්‍රකාශ කරමින්, ත්‍රස්තවාදියෙකු අමාත්‍ය මණ්ඩලයට පත්කිරීම පිළිබඳව ්‍රශ්න කිරීමයි
මොහු ඉතාම ප්‍රබල කොටි ආධාර කරුවෙකි. ලංකාවේ දෙමල සංහාරයක් සිදුකල බවට කැනඩා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත්කර සම්මත කරගත්තේ මේ පුද්ගලයායි.
නව අමාත්‍යධුරය යටතේ ස්වදේශික ඉන්දියානුවන් සම්බන්ධයෙන් වන ඉන්දීය පනත සහ අනිකුත් පනත් බලාත්මක කිරීමේ වගකීම ගැරී ආනන්දසංගරී මහතාට පැවරෙනු ඇත. එමගින් ගැරී ආනන්දසංගරී කැනඩාවේ first nations ( red indins ) පිලිබදව සහ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම පිලිබදව කටයුතු කෙරෙනු ඇත. සත්‍ය වශයෙන්ම ඔහුව දේශපාලනික වසයෙන් ඔහු එරට first nations ( red indins ) පිලිබදව තිබෙනාවූ පනත් කුමන කාරයට ක්‍රියාත්මක කරාවිද යන්න සහ ලබදෙනාවූ විසදුම් පිලිබදව අනාගතයේදී දැක ගැනීමට හැකිවනු ඇත. කැනඩාවේ first nations ( red indins ) පිලිබදව සහ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනත් රටක ඉපදී කැනඩාවට සන්ක්රමනයවූ පුදගලයකුට ලබදිමෙන්ම පැහැදිලි වන්නේ කැනඩාව රටක් වසයෙන් දේශපාලන තීන්දු නොව ප්‍රතිපත්තිමය තීන්දු මගින් තීරණ ගන්න රටක් පමණක් නොව කිසිදු ජාතිවාදයක්, ආගම්වාදය හෝ අන්තවාදය මත පිහිට ක්‍රියා නොකරන රටක් බවට ගැරී ආනන්දසංගරී එම තනතුරට පත්කිරිමෙන්ම පැහැදිලි කර ඇත.
නව අමාත්‍යධුරය යටතේ ස්වදේශික ඉන්දියානුවන් සම්බන්ධයෙන් වන ඉන්දීය පනත සහ අනිකුත් පනත් බලාත්මක කිරීමේ වගකීම ගැරී ආනන්දසංගරී මහතාට පැවරෙනු ඇත. එමගින් ගැරී ආනන්දසංගරී කැනඩාවේ first nations ( red indians ) පිලිබදව සහ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම පිලිබදව කටයුතු කෙරෙනු ඇත. සත්‍ය වශයෙන්ම ඔහුව දේශපාලනික වසයෙන් ඔහු එරට first nations (red indians ) පිලිබදව තිබෙනාවූ පනත් කුමන කාරයට ක්‍රියාත්මක කරාවිද යන්න සහ ලබදෙනාවූ විසදුම් පිලිබදව අනාගතයේදී දැක ගැනීමට හැකිවනු ඇත. කැනඩාවේ first nations ( red indians) පිලිබදව සහ ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනත් රටක ඉපදී කැනඩාවට සන්ක්රමනයවූ පුදගලයකුට ලබදිමෙන්ම පැහැදිලි වන්නේ කැනඩාව රටක් වසයෙන් දේශපාලන තීන්දු නොව ප්‍රතිපත්තිමය තීන්දු මගින් තීරණ ගන්න රටක් පමණක් නොව කිසිදු ජාතිවාදයක්, ආගම්වාදය හෝ අන්තවාදය මත පිහිට ක්‍රියා නොකරන රටක් බවට ගැරී ආනන්දසංගරී එම තනතුරට පත්කිරිමෙන්ම පැහැදිලි කර ඇත.