
ප්‍රවීණ ගේය පද රචකයකු වූ ආනන්ද පද්මසිරි අභාවප්‍රාප්ත විය.
ඔහු අද (14) අලුයම හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වන විට ඔහු 63 වන වියෙහි පසුවිය.
ජනප්‍රිය ගීත රැසක හිමිකරු වූ ඔහු මිල්ටන් මල්ලවආරච්චි මහතා ගැයූ ‘සීතල හිම රටේ’, රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළ ‘නිල් තරු නෙතු හිනැහේ’ විජය කුමාරතුංග මහතා ගැයූ ‘දේවදාර ගස් අතරින්’, මරියසෙල් ගුණතිලක සහ පියල් පෙරේරා ගැයූ ආදරේ ඔබ මා හට ඇතිද කියා, මේරියන්ස් සංගීත කණ්ඩායම ගයන ‘සාමේ ඉරේ රැස් දහරාවේ’, ‘ලෝකය බිහිවූ දවසේ ඉඳලා.. වතුරයි කාගෙත් මිතුරා සැමදා’, මාලනී බුලත්සිංහල මහත්මිය ගැයූ ‘කොණ්ඩෙ බැඳල අපේ පුතා’ රන්ජන් රාමනායක මහතාගේ ‘රන් සමනල ජෝඩුව වාගේ’ ආදී ගීත රැසක් රචනා කළේය.
මාධ්‍යවේදියකු ලෙස කලා පුවත්පත් කිහිපයක සේවය කළ ඔහු ලේකහවුස් ආයතනයේ පුවත්පත්වලට ද නිදහස් මාධ්‍යවේදියකු ලෙස කලා තොරතුරු ඇතුළත් ලිපි රචනා කළේය.
පද්මසිරි මහතාගේ දේහය, වේයන්ගොඩ, ගල්ගමුව, කීනවලවත්ත, අංක 106/1 යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු මීරිගම ආදාහනාගාරයේදී අනිද්දා (16) සවස 4.00 සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනන්ද පද්මසිරි දිවි ගමනට සමුදෙයි
sharm warn Wednesday, 14 September 2022 03:42 PM
ඔහුට නිවන් සුව අත්වේවා..!
Demuni Uduwara Thursday, 15 September 2022 07:42 AM
නිවන් සුව ලැබේවා...!
Chinthaka Thursday, 15 September 2022 09:08 AM
ආදරණිය කලාකරුවානෙනි, ඔබට නිවන් සුව පතමි